27 April 2024
#දේශීය

ත්‍රිරෝද රථය පැදවු මව සහ දරු දෙදෙනා මරුට

වේයන්ගොඩ, මල්ලෑහැව ප්‍ර දේශයේදී ත්‍රිරෝද රථයක් පැද වු කාන්තාවක් එය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසුවේ ත්‍රිරෝද රථය පැද වු කාන්තාව සහ එහි පිටුපස ගමන් කල කාන්තාවක්, පිරිමි ළමයි දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයකු වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ත්‍රිරෝද රථය පැදවු කාන්තාව සහ ළමුන් දෙදෙනා මිය ගොස් තිබේ.

අනතුරකින් මිය ගියේ වයස අවුරුදු 40 ක් වු කාන්තාව සහ වයස අවුරුදු 09 සහ අවුරුදු එකහමාරක පසුවන පුතුන් දෙදෙනාය. ඔවුන් එකම පවුලේ අය වන අතර ඔවුන් කිරිඳිවැල පාර පදිංචිකරුවන් වේ. අනතුරින් තුවාල ලැබු කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය වැඩිදුරට විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *