ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) විසින් මාලදිවයිනේ RPI නැමති සමාගමකට ලබා දුන් ඇමරිකානු ඩොලර් ලක්ෂ අනූවක (මිලියන 9ක) ණය මුදලක් සම්බන්ධයෙන් බරපතල මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මෙම ණය මුදල ලබාගෙන මාලදිවයින තුළ ඉදිකිරීමට නියමිතව තිබූ නිවාඩු නිකේතනය (Villa) පවා ක්ෂේත්‍රයේ දක්නට නොමැති බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ජාතික ඉතිරි කිරීමේ බැංකුවට මෙවැනි විදේශීය සමාගමකට ණය ලබා දීමට කිසිදු නෛතික බැඳීමක් නොමැති පසුබිමක මෙම ගනුදෙනුව සිදුව තිබීම විශේෂත්වයකි.
අදාළ සමාගම මේ දක්වා කිසිදු ප්‍රාග්ධන මුදලක් බැංකුව වෙත ගෙවා නොමැති අතර, මේ වන විට එම ණය මුදල පොලියත් සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 17.2ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට ජනතාවගේ ඉතිරි කිරීම්වලින් සමන්විත බැංකුවක මුදල් මෙලෙස විදේශීය සමාගමක් විසින් වංචා කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුව සිය දැඩි අවධානය යොමු කර ඇත.














