ඔක්තෝබර් 07 දින සිට නොවැම්බර් 26 දින දක්වා කාලය තුළ මැතිවරණ නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට (1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා) අදාළ ව නීති විරෝධී ව නිකුත් කරන ලද ලිපි 427ක් සම්බන්ධ තොරතුරු අනාවරණය වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ ඇතැම් ලිපිවල අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ව්‍යාජ අත්සන් යොදා ඇති බව ද මේ වනවිට හෙළි වී ඇති බවයි.
ඒ අනුව, මේ පිළිබඳ කඩිනමින් විමර්ශනය කර, සති තුනක් ඇතුළත තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන් වෙත නියෝග කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කල නිවේදනයේ සඳහන් කර තිබේ.
දිලිනි සමන්මලි