27 April 2024
#සංවර්ධන

බදු සහනය සමග විදේශ රැකියා සඳහා ලියාපදිංචි ගාස්තුව ද අඩුකෙරේ

නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති අනුව විවිධ භාණ්ඩ හා සේවා සඳහා අයකරනු ලබන බදු වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.

එම බදු සහනය හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයින්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු හා ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු ද සංශෝධනය වී ඇති බව ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

එය පහත පරිදි වේ.

ලියාපදිංචි ගාස්තුව පැවති 17,837.00 ගාස්තුව රුපියල් 16,416.00 දක්වා ද ලියාපදිංචිය අලුත් කිරීමේ පැවැති 3755.00 ගාස්තුව රුපියල් 3456.00 දක්වා ද අඩු කර තිබේ.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *