• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මියගිය රෝගීන්ගේ අවයව බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

9 January 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදු විය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණු අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඊට අත්සන් තැබූහ.

වකුගඩු රෝගයට අවසාන ප්‍රතිකාරය ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ වකුගඩු බද්ධකිරීම හෝ රුධිර කාන්දුකරණයට ලක් කිරීමයි. එසේ වුව ද වකුගඩු බද්ධකිරීම සඳහා ගැළපෙන වකුගඩුවක් සොයාගැනීම ඉතා අපහසු කරුණකි. දැනට මේ සඳහා පවතිනුයේ පවුලේ කෙනෙකුගෙන් හෝ වකුගඩුවක් දන් දෙන කෙනෙකුගෙන් බද්ධකිරීම සඳහා වකුගඩු ලබාගැනීමයි. එබැවින් වකුගඩුවක් බද්ධකර ගැනීමට හැකිවී ඇත්තේ ඉතා සීමිත පිරිසකට පමණි.

මේ හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධීක්ෂණය මත ක්‍රියාත්මක වන වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය මගින් මේ සඳහා සුදුසු පියවරක් ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා එක්ව හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගින්ගේ වකුගඩු, වකුගඩු රෝගින් වෙත බද්ධ කිරීමේ ව්‍යාපෘතිය මහනුවර මහ රෝහල හා ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී. මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු බද්ධ කිරීමෙන් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මගින් මේ වන විට වකුගඩු හෘදය, අක්මාව, අගන්‍යාසය, ඇස් හා පටක ඇතුළු අවයව කොටස් බද්ධකිරීමේ කටයුතු ද සිදුකරමින් පවතී. දිනකට හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයන් පස් හය දෙනෙකු මියයන අතර මියයන පුද්ගලයන්ගේ නිරෝගි අවයව මෙලෙස රෝගින් සඳහා බද්ධ කිරීමේ ව්‍යාපෘතිය මේ යටතේ ක්‍රියාත්මක කර ඇත.

හදිසි අනතුරු හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ අවයවයන්හි ජීවකාලය කෙටිකාලයක් රඳාපැවැතීම හේතුවෙන් ඉතා ඉක්මණින් බද්ධකිරීමේ කටයුතු සිදුකළයුතු බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීම මඟින් මෙම අවයව රෝහල් වෙත ප්‍රවාහනය කිරීමට ගුවන් හමුදාවේ සහය ලබා ගැණිනි. මේ දක්වා ඒ සඳහා සිදුකළ යුතු ගෙවීම ජනාධිපතිවරයා විසින් පිහිටුවන ලද ජාතික වකුගඩු අරමුදල මගින් දරන ලද අතර, මෙම ව්‍යාපෘතිය ඉදිරියට වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර මෙම නව අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු විය.

මේ අතර වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීමෙන් දැනටමත් අවයව දන්දීමට පළවී ඇති කැමැත්ත රියදුරු බලපත්‍රයට හා ජාතික හැඳුනුම්පතට ඇතුළත් කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් පවති. එමෙන්ම අවයව දන්දීමේ මෙම ප්‍රතිකර්මයට දායක වන අයගේ අවසන් කටයුතු සඳහා රජයේ අනුග්‍රහය ලබාදී ඔවුන් විසින් දක්වන ලද උදාර ක්‍රියාව අගයකිරීම සඳහා ද ඉදිරියේ දී කටයුතු සැලසුම් කරමින් පවතී. හදිසි අනතුරක් මගින් මොළය මියගිය අවස්ථාවක දී හෝ අවයව දන්දීමට කැමැත්තක් දක්වන්නන්ට දුරකථන අංක 081-2226522 මගින් මහනුවර මහරෝහලේ අවයව බද්ධකිරීමේ සම්බන්ධීකරණ කාර්යාලයට දැනුම්දීම මගින් මේ සඳහා දායක විය හැකි බව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය දන්වා සිටි.

අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසීම් යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

මරණ දණ්ඩනය නියමු වු රැඳවියන් 1299 ක් අභියාචනා ඉදිරිපත් කෙරේ

Next Post

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද රැස්වෙයි

editor

editor

Next Post

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved