කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා (03) වෙනිදා ලංකා සිනී සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සිනී කර්මාන්තශාලා නිරීක්ෂණයකිරීමට පැමිණියේය.
එහිදි ආයතන වල නිලධාරී සේවක මහත්ම මහත්මින් සහ ගොවි මහතුන්ගේ ගැටලු සහ එම ගැටලු සඳහා තිරසාර විසදුම් ලබාගැනීම වෙනුවෙන් සාකච්ඡාවකද නිරත විය.
මෙම කර්මාන්තශාලා වල මේවන විටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් “Eco Tourism” ප්‍රවර්ධනය කිරීමටත්,දැනට ලංකාව තුළ සිදුවන නීතිවිරෝධී මත්පැන් භාවිතය අවමකිරීමට විසඳුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් නිෂ්පාදනයකළ හැකි මිල අඩු,ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළෙඳපොළට හදඳුන්වාදීමටත්, කාබනික පොහොර නිෂ්පාදනය සහ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් කාබනික සීනි නිෂ්පාදනය කිරීම පිළිබඳවත් අමාත්‍යවරයා විසින් මෙහිදී සොයාබලන ලදි.
තවද සීනි නිෂ්පාදනය බෙදහැරීම සඳහා ක්‍රමවත් බෙදාහැරීමේ ජාලයක් ඇතිකිරීමටත්,සේවකයන්ගේ ඵලදායීතාව වැඩිකිරීම සඳහා කාර්ය දර්ශක සකස් කිරීමටත්,ලංකා සිනී සමාගමේ කාලයක් තිස්සේ ගැටලුවක්ව පැවති සේවකයන්ගේ රක්ෂණ ගැටලුව කඩිනමින් විසඳාදීමටත්,ගොවීන්ට ජලය ලබාගැනීමේදී සිදුවන අපහසුතා අවමකිරීම සඳහා ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට වාරිමාර්ග අමාත්‍යංශය හා එක්ව කඩිනම් පියවර ගැනීම පිළිබඳවත් මෙම නිරීක්ෂණ චාරිකාවේදී ලංකා සීනි සමාගමේ සේවකයින්,වෘත්තීය සමිති නියෝජිතයින් සහ ගොවි සංගම් නියෝජිතයින් සමඟ සාකච්ඡාකරන ලදි.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා වෙළෙඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් අගලකඩ,රුවන් විජේවීර ගුණරත්න,ලංකා සීනි සමාගමේ සභාපති රුක්ෂාන් ගුණතිලක,ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරුන් වන ඉෂාන් සේනක ධර්මරත්න (සෙවනගල),නුවන් ධර්මරත්න (පැල්වත්ත) යන මහත්වරුද එක් වූහ.