ඉදිරි පැය 24 දක්වා බලාත්මක වන පරිදි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳවයි.
ඒ අනුව ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙසයි එම නිවේදනයේ සදහන්ව තිබෙන්නේ.
හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50 – 60 දක්වා වැඩිවන අතර මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවත් මීගමුව සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3ත් අතර ඉහළ යා හැකි බවත් එම නිවේදනයේ සදහන්.
මේ හේතුවෙන් මීගමුව සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.