ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙරට රන් මිල ද ඉතිහාසයේ නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ. කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ දත්ත වලට අනුව අද (28) උදෑසන වන විට රන් පවුමක මිල රුපියල් 10,000ක පමණ ඉහළ යාමක් වාර්තා වේ.
ලෝක රන් මිල අද දිනයේදී රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 5,250ක මට්ටමකට පැමිණීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත.
ඒ අනුව ඊයේ දිනයේ රුපියල් 394,000ක්ව පැවති කැරට් 24 රන් පවුමක මිල අද වන විට රුපියල් 405,000ක් දක්වා ලක්ෂ හතරේ සීමාව ඉක්මවා ගොස් තිබේ. එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 374,600ක් ලෙස අද සටහන් විය.
ගෝලීය ආර්ථික අස්ථාවරත්වය සහ විදේශ වෙළෙඳපොළේ ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් රන් මිල මෙලෙස ඉහළ යමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














