ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය 2025 දෙසැම්බර් 31 වැනිදා වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.8 දක්වා ඉහළ ගොස් ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා අද (03) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජාතික ජන බලවේගය රජය භාර ගන්නා අවස්ථාව වන විට ඩොලර් බිලියන 6ක්ව තිබූ සංචිත ප්‍රමාණය මේ වන විට බිලියන 6ට වඩා අඩු වී ඇති බවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කළ චෝදනාව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී තරයේ ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව වත්මන් ආර්ථික කළමනාකරණය යටතේ විදේශ සංචිතවල පැහැදිලි වර්ධනයක් දක්නට ලැබෙන බව රජය අවධාරණය කරයි.














