• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේවා කැත වැඩ ! පාර්ලිමේන්තුව රැස්වන තුරු සටන අතහරින්නේ නෑ.. රනිල් කියයි !

30 October 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුව වහා රැස් කරන ලෙස බලකරමින් ආරම්භ කර තිබෙන සටන ජයග්‍රහණය කරන තෙක් ඉදිරියට ගෙන යන බව එජාප නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (30) දින කොල්ලූපිටිය මංසන්දියේ පැවති “යුක්තියේ ජනහඬ” මහජන උද්ඝෝෂණයට සහභාගි වූ ජනතාව අමතමින් ඒ මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව යමින් නව අගමැතිවරයෙකු පත් කර ගැනීම කැත වැඩක් බවයි. ප්‍රජාතන්ත්‍ර විරෝධි මේ ක්‍රියා පිළිවෙත පරාජය කිරීම සඳහා සියලූ බලවේග එක්විය යුතු බව වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා “

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරවල සියලූ ජනතාවගෙන් අවසරයි,

ජනතාවගේ විශ්වාසය, ජනතාවගේ වරම පාවාදීම ඉතා කැත වැඩක් බව කිව යුතුයි. ඒ කැත වැඩේ කරන්න අප ඉඩ දෙන්නේ නැති බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි. මෙම වේදිකාවේ විවිධ මත දරන විවිධ ජාති සහ ආගම්වලට අයත් නායකයින් සිටිනවා. අද කොල්ලූපිටියේ එක් අන්තයක සිට අනෙක් අන්තය දක්වා විශාල සෙනගක් පිරී ඉතිරි සිටිනවා. අප සියලූම දෙනා ඒකරාශී වූයේ එක්සත් ජාතික පෙරමුණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමග එක්වී ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කොට සංවර්ධන යුගයක් උදාකරලීමටයි. ඉන් පසුව සංහිදියාව සමඟ අත්වැල් බැදගත් ගමනක් ආරම්භ කිරීමටයි.

එදා විපක්ෂයේ සිටි ප්‍රධාන පක්ෂ 03ක් වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඒකරාශි වී ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා යොදා ගත්තා. එහිදී පොදු අපේක්ෂකයෙක් පත් කරන්නට තීරණය කෙරුණා. එවකට මහින්ද රාජපක්ෂ රජයේ සිටි අමාත්‍යවරුන් ගණනාවක් මෙන්ම සංවිධාන ගණනාවක් අප සමඟ එකතු වුණා. අවසානයේ චන්ඬිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේත්, ජනතා විමුක්ති පෙරමුණේත් යෝජනාව සැලකීමට ගෙන මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය අමාත්‍යවරයා ජනාධිපති අපේක්ෂකයා බවට පත්කිරීමට තීරණය කළා. ඒ සම්බන්ධ යෝජනාව මා විසින් එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී සම්මත කළා. අප සියලූම දෙනා එහිදී කැපවී කටයුතු කළා.

ප්‍රජතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් අපට සිරගත වන්නට සිදුවුණා. ජීවිත පූජා කරන්නට සිදුවුණා. අපේ කඳුලින් දහඩියෙන් සටන් කළා. 2015 ජනවාරි 08 වෙනිදා පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් කළා. ඒ අනුව මා අග්‍රාමාත්‍ය ලෙස පත්වුණා. මේ අපට පුද්ගලයන් ලෙස ලැබුණු වරමක් නොවේ. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කොට තහවුරු කිරීමට ලැබුණු වරමක් ලෙස හැදින්විය හැකියි. ඒ වරම ආරක්ෂා කිරීම සඳහා අප 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළා. සාමකාමි මැතිවරණ 02ක් පැවැත්වූවා. මාධ්‍ය නිදහස තහවුරු කළා. ජනතාවට බියක් සැකක් නැතිව ජීවත්වීම සඳහාත්, ආණ්ඩුව විවේචනය කිරීම සඳහත් පසුබිම සකස් කළා.

ඒ අනුව අප ප්‍රමුඛත්වය ලබා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා වරම සහ පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යය ආරක්ෂා කරගැනීම සඳහායි. ඒ වරම ගෙන අප ඉදිරියට ගියා. මෙරට ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්ද බලය එක සේ බුක්ති විදින්නේ පාර්ලිමේන්තුව නිසයි. අප ඉදිරියට ගියේ ඒ අයිතිවාසිකම ආරක්ෂා කිරීමටයි. නමුත් අවාසනාවන්ත ලෙස අප නොසිතු මොහොතක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවරම කඩා බිද දමා පාර්ලිමේන්තුව පැත්තකට දමා යලිත් ජනාධිපති අතට විධායක බලය ගැනීමට තැත් කරනවා. ඒ කාර්යය සඳහා අප විරුද්ධයි. ඒ සඳහා අප ඉඩ දෙන්නේත් නැහැ.

මෙරට ජනතාව අද බලාපොරොත්තු වන්නේ තමන් කැපවූ ඒ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමටයි.
ඔවුන් බලාපොරොත්තු වූයේ සිකුරාදා සවස මේ ක්‍රියාව කර සඳුදා දිනය වනවිට අප සිරකරුවන් සේ කරගන්නට දෙයක් නොමැතිව සිටිනු දැකීමයි. මෙවැනි කුමන්ත්‍රණවලට ඉඩ නොදෙන බවට අප තීරණය කළා. එම නිසා ජනතාව එක්රැස්වී ජනතාව සංවිධානය වනතුරු අරලියගහ මන්දිරය ප්‍රජාතන්ත්‍රවාදී සංකේතය බවට පත් කළා. මෙහි පැමිණ අපට සහයෝගය දුන් සෑම දෙනාටම අප ස්තුතිය පළ කරනවා.

වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙස එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ මෙන්ම සෙසු පක්ෂ ද එක හඩින් ඉල්ලා සිටියා. පාර්ලිමේන්තුව කැදවනවා වෙනුවට කළේ පාර්ලිමේන්තුව කල් දැමීමයි. මේ ප්‍රශ්නයෙන් පැන යන්නට ඔවුන් උත්සාහ කළා. අප ඊට ඉඩ දෙන්නේ නැහැ. එක් අතකින් අද මේ රටේ ජනතාවගේ විශ්වාසය කඩවී තිබෙනවා. වෙන්නේ කුමක්දැයි අසනවා. කරන්නේ කුමක්දැයි අසනවා. ජනතාවගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැතිවෙලා.

ජනතාවගේ පරම අයිතිය වන ඡන්ද බලයත්, පාර්ලිමේන්තුවත් පාගා දමා පැත්තකට දමන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. ප්‍රශ්නය ඇත්තේ මහජනතාවගේ වරම පිළිගන්නවා ද, මහජනතා වරම ඉවත් කරනවාද යන කාරණයයි. අරලියගහ මැදුරෙන් පටන් ගත් සංකේතය දැන් රට වටේම ගොස් තිබෙනවා. මෙම කුමන්ත්‍රණයට දේශපාලන පක්ෂ විරුද්ධයි. වෘත්තීය සමිති විරුද්ධයි. ආගමික සංවිධාන විරුද්ධයි. සමස්ත ලාංකික ප්‍රජාවම විරුද්ධයි.

මේ සටන මෙතනින් ඔබ්බට රට ඇතුලට ගෙන යාමට තිබෙනවා. පාර්ලිමේන්තුවට මේ සටන ගෙන යාමට තිබෙනවා. පාර්ලිමේන්තුව වහා රැස්කරන්නැයි අප ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවේ බහුතර පිරිසක් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස කතානායකවරයාට දන්වා තිබෙනවා. අප සමඟ සිටින සියලුම දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන එක්ව මේ ප්‍රශ්නය රට වටේ ගෙන යාමට කටයුතු කරනවා. ජනතාව අතරට ප්‍රශ්නය ගෙන යාමට කටයුතු කරනවා. ඒ සටනින් අප ජයග්‍රහණය කරනවා. අප මේ සටන කිසි විටෙක පාවා දෙන්නේ නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ගතයුතු සෑම පියවරක්ම ගැනීමට සූදානම් බව මෙහිදී මා සඳහන් කරනවා. අප පාර්ලිමේන්තුව ජයග්‍රහණය කළ යුතුයි. පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගත් පසුව ආණ්ඩුවක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව රට ඉදිරියට ගෙන යනවා.

මෙහි පැමිණි මහා සංඝ රත්නය ඇතුළු ආගමික පූජකවරුන්ටත්, මහජනතාවටත් ස්තුතියි. ප්‍රජාතන්ත්‍රවාදයට ජය වේවායි අප සැම ප්‍රාර්ථනා කරමු.

Post Views: 1
Previous Post

එජාපයෙන් දෙකක් තව පැයකින් මහින්ද මෛත්‍රි ළගට

Next Post

මුදල් ඇමැති වැඩ පටන් ගනි

editor

editor

Next Post

මුදල් ඇමැති වැඩ පටන් ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved