8 September 2024
#ක්‍රීඩා #පුවත්

මේ අවුරුද්දේ දක්ෂතා නොදක්වපු එක ගැන කනගාටුයි වනිඳු හසරංග පවසයි

තමන්ට එල්ලවන අභියෝගවලට මුහුණදෙමින් ඉදිරියේදීත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බව කැන්ඩි නායක වනිඳු හසරංග පවසයි.

ඊයේ (15) කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ බව සඳහන් කළේය.

“අපහසු කාල ඕනම ක්‍රීඩකයෙක්ට සහ ඕනම මනුස්සයෙක්ට වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතේ. මම ඒවට හිමින් හිමින් මුහුණ දෙනවා. මම දන්නවා මට මොනවද කරන්න පුළුවන් කියලා.

මම දන්නවා මම මොනදවද කරලා තියෙන්නේ තියෙන එක. ක්‍රීඩකයෙක් විදිහට පිටින් එන අභියෝග මගේ ක්‍රීඩාවට බාධාවක් කරගන්නේ නැතුව මම ක්‍රීඩාවෙන් කරන්න පුළුවන් දේ මම කරනවා. මම ගිය වසරේ තරගාවලියේ වීරයා වුණා.

මේ අවුරුද්දේ දක්ෂතා නොදක්වපු එක ගැන කනගාටුයි. අන්තිම තරගයේදී දක්ෂතා දක්වපු එක ගැන සතුටුයි. ඉදිරි තරගාවලි සඳහා මේක වැදගත් වෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *