• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මේ රටේ අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් හැකි උපරිමය කළා – ඇමැති අකිල

20 September 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගතවූ වසර හතරහමාරක කාලය තුළ මේ රටේ අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් හැකි උපරිම ක්‍රියාමාර්ග ගත් බව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකෙරෙන ගෘහස්ත ක්‍රීඩාගාරය, පිහිනුම් තටාක සංකීර්ණය, දන්ත ශල්‍යාගාරය හා ශ්‍රවනාගාරය විවෘත කිරීම සහ තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම වෙනුවෙන් ඊයේ (19) පැවති උත්සවයට එක්වෙමින්.

තමා අධ්‍යාපනය ලැබූ පාසල වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් පැමිණ යමක් කරන්නට හැකිවීම පිළිබඳ විද්‍යාලයේ ආදිශිෂ්‍යයකු ලෙසත්, රටේ අධ්‍යාපන ඇමති ලෙසත්, ප්‍රදේශයේ දේශපාලන නායකයෙකු ලෙසත් බොහෝ සතුටට පත්වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහි දී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,“ ජනාධිපතිවරයා වෙන පක්ෂෙක.. පළාත් සභා වෙන පක්ෂෙක. අපි වැඩ කළේ බහුතරයක් සිටි ආණ්ඩුවක නෙමෙයි. ඒත් අපි ඉතා විශාල වැඩ ගොඩක් කළා. ළඟම පාසල – හොඳම පාසල මගේ සංකල්පයක්. අපි ඇවිදගෙන පාසලට ගිය අය. ඒත් අද වගේ වෙහෙසකර විදියට නෙමෙයි අපි අධ්‍යාපනය ලැබුවෙ. නගරයෙ තියෙන පහසුකම් ගමේ පාසල්වලට දෙන්න අපි තීරණය කළේ ඒකයි. එදා මං අමාත්‍යවරයා හැටියට වැඩ පටන්ගන්න කොට මේරටේ පාසල්වලින් විදුලිය තිබුණෙ සියයට 60කට. අද සියයට 98ක් පාසල්වලට විදුලිය තියෙනවා. පහසුකම් අඩු පාසල් 3000කට ජංගම විද්‍යාගාර කට්ටල ලබාදීලා තියෙනවා. අනාගතය දෙස බලමින් දරුවන් වෙනුවෙන් ඩිජිටල් පන්ති කාමර ඇතිකරල තියෙනවා. ඩිජිටල් ගුරුවරුන් ලබාදීලා තියෙනවා. දැනුම වේගයෙන් වෙනස් වෙනවා මේ කාලේ. නව තාක්ෂණයත් එක්ක අපි ඉදිරියට යා යුතුයි. ඔක්කොම බැනුම් අහගෙන මේවා කරන්නෙ ඒකයි“ යනුවෙන් පැවසීය.

පාසල් විෂයමාලා යුගයේ අවශ්‍යතාවන්ට ගැළපෙන සේ වෙනස් කිරීමට පියවර ගෙන ඇති බව ද, සියලු විභාග ක්‍රමවත් ව විධිමත් ව පවත්වාගෙන යාහැකි පරිදි විභාග දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යූහගත කළ බවද, සුරක්ෂා රක්ෂණය හඳුන්වාදෙමින් රටේ සෑම දරුවෙක් ම රක්ෂණය කළ බවද, වෘත්තීය විෂයයන් 26ක් යටතේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හඳුන්වාදෙමින් නව ලොව රැකියා අවස්ථා සඳහා දරුවන්ට ඉඩ ප්‍රස්ථා සකස් කරදුන් බව ද මෙහි දී වැඩිදුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන් ම ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 6000කට ආසන්න පිරිසක් පද්ධතියට එක්කරගැනීමටත්, විදුහල්පතිවරුන් සහ පරිපාලන සේවයේ නිලධාරීන් 2000කට වැඩි පිරිසක් වෙත විදේශ පුහුණුව අවස්ථා ලබාදුන් බව ද, ඉදිරියේ දී ගුරු අධ්‍යාපනඥ සේවයට අලුතින් නිලධාරීන් 1500ක් බඳවාගැනීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා “ මේ රටේ කලාප 98ක් තියෙනවා. එයින් 40ක ගුරු පුහුණු මධ්‍යස්ථාන තිබුණෙ නෑ . අපි අලුතෙන් ම අධ්‍යාපන කලාප 40ක ගුරු පුහුණු මධ්‍යස්ථාන හැදුවා. ඉස්සර විද්‍යාපීඨවලට අවුරුද්දකට ගත්තෙ 3000ක් විතර ගත්තෙ. අපි මේ පාර 8000ක් එකවර බඳවගන්නවා. තව අවුරුදු කිහිපයක් තුළ මේ රටේ ගුරු හිඟයක් ගැන හිතන්න වෙන්නෙ නෑ. මිලියන 3000ක මූල්‍ය ආධාර යටතේ අපි ජාතික තාක්ෂණ අධ්‍යාපන පීඨයක් හැදුවා. අධ්‍යාපනයේ ගුණාත්මකබව වැඩිකරන්න අවශ්‍ය වැඩකටයුතු තමයි අපට ඉස්සරහට කරන්න තියෙන්නෙ”යැයි ද පැවසීය.

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පැවති පුරප්පාඩු 45000ක් හඳුනාගනිමින් පුවත්පත් දැන්වීමක් මගින් එම පුරප්පාඩු ප්‍රසිද්ධ කර මේ වනවිට දරුවන් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

Post Views: 1
Previous Post

මිනිස් ශක්තිය සහ හද සරණි ප‍්‍රසංගය -වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන

Next Post

මෙවර පැවැත්වෙන මැතිවරණය නිදහස් හා සාධාරණයව පවත්වන බව අගමැති කියයි

editor

editor

Next Post

මෙවර පැවැත්වෙන මැතිවරණය නිදහස් හා සාධාරණයව පවත්වන බව අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved