• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෛත්‍රිපාල ජනපතිගෙන් නීතියේ ආධිපත්‍යයට දැඩි පහරක් – අනුර දිසානායක කියයි

11 November 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රෝයල් පාර්ක් ඝාතන සිදුවීමෙහි වැරදිකරු වූ පුද්ගලයාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය දා නිදහස ලබා දීම, නීතිවිරෝධී, මෙන්ම අසාධාරණ සහ අයුක්තිසහගත සිදුවීමක් ලෙස හෙළා දකින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් දිසානායක මහතා කියා සිටියේ අධිකරණයක් විසින් නිසි පරිදි සිදු කරන ලද නඩු විභාගයකින් අනතුරුව දෙන ලද දඬුවමක් රටේ ජනාධිපතිවරයා විසින් එක් පෑන් පහරකින් කපා හැරීම වූ කලී, රටේ නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය හා නීතිය කෙරෙහි ජනතාව තුළ පවත්නා ගරුත්වය සහ පිළිගැනීමද අහෝසි කර දමන ඛේදජනක ක්‍රියාවක් බව අපගේ විශ්වාසය බවයි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් කර තිබේ ” අප මේ අත්දකින්නේ මුදල් සහ සමාජ පංතිය විසින් මෙහෙයවනු ලබන පාලකයින්, නීතිය සියල්ලන්ටම එක හා සමානව ක්‍රියාත්මක වන්නේය යන මූලික මූලධර්මයට අභියෝග කරන විනාශකාරී, දූෂිත රාජ්‍ය තන්ත්‍රයක ප්‍රතිඵලයයි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගත් විට, මිනීමැරුම් සඳහා වැරදිකරුවන් වූ තැනැත්තන්ට ජනාධිපති සමාව ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙය නොවේ. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් මිනීමැරුම් සහ ස්ත්‍රී දූෂණ සඳහා සිර දඬුවම් ලබමින් සිටි ගෝනවල සුනිල්ට සමාව ලබා දීමත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මිනීමැරුම් සඳහා සිර දඬුවම් ලබමින් සිටි හිටපු අමාත්‍ය බිරිඳක් වූ මොනිකා ප්‍රනාන්දුට සමාව ලබා දීමත් මෙම අනීතික පාලකයින් පිළිබඳ අමිහිරි ඉතිහාසයට එක් වී ඇති බව අමතක නොකළ යුතුය. එහෙයින් මෙය නීතියේ ආධිපත්‍යය සහ සමාජ සාධාරණත්වය පාගා දමමින් මේ තාක් පත් වූ පාලකයින් ගෙන ගිය සුපුරුදු ක්‍රියා පිළිවෙතකි.

නීතිගරුක සහ යහපත් සමාජයක් ඔසවා තබන කුලුනු තුනෙන් එකක් ලෙස අප විශ්වාස කරන්නේ නීතියේ ආධිපත්‍යයයි. මෙවර ජනාධිපතිවරණයේ දී අප විසින් ජනතාවට ඉදිරිපත් කළ ‘දේශයේ අපේක්ෂාව’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් එක් ප්‍රතිපත්තියක් වන්නේ, “අධිකරණයක් විසින් හෝ වෙනත් ව්‍යවස්ථාපිත අධිකාරියක් මඟින් නියම කරන දඬුවමක් ලිහිල් කිරීමේ ජනාධිපතිවරයා සතු බලතල අහෝසි කිරීමයි” (පිටුව 94). එමඟින් ජනාධිපතිවරයාද ඇතුළුව සියලු මහජන නියෝජිතයින් විශේෂ වරප්‍රසාද රහිත මහජන සේවකයින් බවට පත් කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අප බලාපොරොත්තු වන අතර, කාන්තාවන්, ළමයින් ඇතුළු සියලු පුරවැසියන්ට සුරක්ෂිත, නීතිගරුක රටක් බිහි කිරීමට එය දායක වනු ඇතැයිද විශ්වාස කරමු.

එහෙයින්, ජනාධිපතිවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියා පිළිවෙත හෙළා දකින පොදු සිවිල් සමාජ හඬට කන් දෙමින්, එම තීරණය යළි සලකා බලා අහෝසි කිරීමට කටයුතු කරන මෙන් අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන්ද ඒ සඳහා මැදිහත් වන මෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිඥ සංගමය ඇතුළු ආයතනවලින්ද ඉල්ලා සිටිමු.

අනුර කුමාර දිසානායක
ජනාධිපති ධුර අපේක්ෂක
ජාතික ජන බලවේගය

Post Views: 3
Previous Post

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Next Post

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම අභියෝගයට ලක්කළ පෙත්සම් සලකා බැලීමට තීන්දු කරයි…

editor

editor

Next Post

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම අභියෝගයට ලක්කළ පෙත්සම් සලකා බැලීමට තීන්දු කරයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved