මොනරාගල දිස්ත්‍රික්කයේ කොටිකම්බොක්ක ප්‍රදේශයේ පිහිටි, දැනට කැණීම් කටයුතු තාවකාලිකව නතර කර ඇති දැවැන්ත ක්වාර්ට්ස් නිධිය නිරීක්ෂණය කිරීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (01) එහි සංචාරයක නිරත විය. මීටර් 700ක පමණ වපසරියක් පුරා විහිදී ඇති මෙම ඛනිජ නිධිය තුළ මෙට්‍රික් ටොන් බිලියන 3.1කට අධික ක්වාර්ට්ස් ප්‍රමාණයක් පවතින බව මූලික විද්‍යාත්මක ගවේෂණ මගින් ඇස්තමේන්තු කර තිබේ. ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දිය හැකි මෙම වටිනා ස්වභාවික සම්පතින් නිසි ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ඇති හැකියාව පිළිබඳව මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.














