පෙබරවාරි 03 – මෝටර් රථයක් භාවිතා කරමින් අයිස් මත්ද්‍රව්‍ය තොග වශයෙන් බෙදාහැරීමේ නිරත වූ 20 හැවිරිදි තරුණයෙකු අම්බලන්තොටදී අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත් වී තිබේ. අම්බලන්තොට, රුහුණු රිදියගම ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 150ක් සොයාගෙන ඇති අතර, වැටලීම සිදුකරන අවස්ථාවේ ඔහු මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිට ඇත. පොලිසිය සඳහන් කරන්නේ මොහු ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ට තොග වශයෙන් මත්ද්‍රව්‍ය සපයන ප්‍රධාන ජාවාරම්කරුවෙකු බවයි.
විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම සැකකරු මීට පෙර 2025 ඔක්තෝබර් මාසයේදී ද තීරුබදු රහිත විදේශීය දුම්වැටි ළඟ තබා ගැනීමේ වරදට අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අයෙකු බවයි. අත්අඩංගුවට ගත් සැකකරු සහ මෝටර් රථය වැඩිදුර පරීක්ෂණ සඳහා අම්බලන්තොට පොලිසිය වෙත භාර දී ඇති අතර, ඔහු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














