යටත්විජිත සමයේදී මෙරට දේපළවලට සිදු වූ විනාශයන්, වත්කම් සොරකම් කිරීම් සහ අහිමි වූ ජීවිත වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජයෙන් වන්දි ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අප්‍රිකානු රටවල් කිහිපයක් තම රටවල් යටත් කරගෙන සිටි රාජ්‍යයන්ගෙන් වන්දි ඉල්ලීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය ආදර්ශයට ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව අදාළ ඓතිහාසික හානි පූර්ණය කර ගැනීම සඳහා අවශ්‍ය නිල ක්‍රියාමාර්ග ගැනීමට රජයේ අවධානය යොමු වී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














