වරකාපොල පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් සංවිධානාත්මක යතුරුපැදි සොරකම් සහ රන් මාල කොල්ලකෑම්වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදී, ව්‍යාජ අංක තහඩු යොදාගෙන ධාවනය කළ යතුරුපැදි දෙකක් සහ සොරකම් කරන ලද තවත් යතුරුපැදියක් සොයා ගැනීමට නිලධාරීන් සමත් විය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගිරිඋල්ල සහ දඹදෙණිය ප්‍රදේශවල පදිංචි, මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවන් බව අනාවරණය වී ඇත.
ඊයේ (15) දින වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකරුවන් එළැඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.













