අධික වර්ෂාව හේතුවෙන් වැලිමඩ, මස්පන්න මාර්ගයේ ගම්සභාව බඹරපාන ප්‍රදේශයේ පස් කන්දක් නාය යාමෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වි තිබෙනවා.
ඊයේ (ජනවාරි 05) සවස මෙම නායයෑම සිදුවූ අතර බස් රථ ධාවනය ද අඩාල වි තිබෙනවා.
ඌව පරණගම ප්‍රාදේශීය සභාව මඟින් පස් ඉවත් කිරීමේ කටයුතු සිදු කළ අතර, මේ වන විට රථ වාහන ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
පසුගිය පැය 24 තුළ (ජනවාරි 05 උදෑසන 8.30 සිට අද උදෑසන 8.30 දක්වා) වාර්තා වූ ඉහළම වර්ෂාපතනයන් මෙසේයි
ලාහුගල | අම්පාර | 173.5 |
කන්දකැටිය | බදුල්ල | 120.5 |
ගිරාදුරුකෝට්ටේ | බදුල්ල | 112.0 |
ගෝනපිටිය | නුවරඑළිය | 98.0 |
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (06) නිකුත් කළ නිවේදනයට අනුව ඌව පළාත, නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්, උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල යන ප්‍රදේශවල පැයට කි.මී. 50 දක්වා තද සුළං ඇති විය හැකියි.
දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර විශේෂයෙන් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා මුහුදු රළ මීටර් 2.5 – 3ත් අතර ඉහළ යාමේ අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.














