2016 වසරේ පෙබරවාරි 28 වන දා සිට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාව යළි සේවයේ පිහිටුවීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අත්සන් තැබූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසයි.
සී.එස්.එන්. නාලිකාව සම්බන්ධයෙන් වන සිද්ධියේ පරීක්ෂණ ස්වාධීනව සිදුකිරීම සඳහායි යෝෂිත රාජපක්ෂගේ සේවය නාවික හමුදාව අත්හිටුවනු ලැබුවේ.
සේවය අත්හිටුවා සිටි යෝෂිත රාජපක්ෂ මහතා නැවතත් නාවික හමුදාවට බදවා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිසේන මහතා කළ නියෝගට නාවික හමුදාපතිවරයා අත්සන් කර ඇත.