27 April 2024
#දේශීය

මැතිවරණ නීතිය උල්ලංඝනය කරන්න ඉඩ දෙන්නේ නැහැ – බැසිල්

මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමෙන් තොරව විනීතව නීතිගරුකව මැතිවරණය ප‍්‍රචාරණ කටයුතු සිදු කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සියලූ දිස්ත‍්‍රික් මැතිවරණ මෙහෙයුම් කමිටු නියෝජිතයින් අතර අද (24) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකදිය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලූම සාමාජිකයින් මැතිවරණ නීතිය ආරක්ෂා කළ යුතු අතර මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමට කිසිදු පක්ෂයකට සංවිධානයකට හෝ පුද්ගලයෙකුට ඉඩ නොතබන්නැයි ද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

මෙවර ජනාධිපතිවරණය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට අතිවිශේෂ මැතිවරණයක් වන බැවින් පොදු ජන පෙරමුණේ ජයග‍්‍රාහී ගමන උදෙසා සෘජුව දායකවන්නැයි මෙහිදී සියලූම මැතිවරණ මෙහෙයුම් කමිටු නියෝජිතයින්ට සහ සහෝදර පක්ෂවල නියෝජිතයන්ටත් විවිධ සංවිධානවල නියෝජිතයින්ටත් දැනුම් දෙනු ලැබීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *