එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර එම ධුරයෙන් ඉවත් කිරීම පිළිබද ලිපියට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (29) අත්සන් තබා ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි උපුටා දක්වමින් ලංකාදීපය වාර්තා කරයි.
එම වාර්තාවට අනුව පාලිත රංගෙ බණ්ඩාර මහලේකම් ධුරයට අදාළ රාජකාරි හරියාකාරව සිදුනොකිරීම යන චෝදනාව මුල්කර ගනිමින් පක්ෂ නායකත්වය අදාළ තීරණය ගෙන ඇතැයි දැනගන්නට ඇත.
සමගි ජන බලවේගයෙන් ඉවත් වූ තලතා අතුකෝරල එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයට පත්කරන ලෙස පක්ෂයේ බහුතර නිලධාරී පිරිසක් ඉල්ලීම් කර ඇතැයි ද දැන ගන්නට ඇත.
කෙසේවෙතත් මේ වන තෙක් තලතා අතුකෝරළ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නැත.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාලිත රංගෙ බණ්ඩාරගෙන් විමසීමේ දී ඔහු පැවැසුවේ ඒ සම්බන්ධව කිසිදු දැනුම්දීමක් තමාට මේ වන තෙක් ලැබී නැති බවයි.













