කොරානා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හමුවේ ජන ජීවිතය ආර්ථික දුෂ්කරතාවට මුහුණදෙමින් ඇති පසුබිමේ තර්ජනය හමුවේ කැප්පෙට්ටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදියන් පිරිසක් විසින් ගොවියන් සහ පාරිභෝගික ප්‍රජාව ගසා කන කුඨ ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි.
මේ බව අනාවරණය කරන්නේ පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිවේදනයක් නිකුත් කරමින්ය.
එම නිවේදනය හරහා ඔවුන් අවධාරණය කරන්නේ රජය වහා මැදිහත්වී මේ තත්ත්වය මැඩලීමේ අවශ්‍යතාවයයි.
මේ පිළිබඳ පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය නිකුත්කළ නිවේදනය පහත පළකර ඇති අතර එහි අදාළ ගොවි සංගමයේ දුරකථන අංකයද සඳහන් බැවින් මේ පිලිබඳ කඩිනම් පියවර ගැනීමට වගකිව යුතු පාර්ශවයන්ට පහසුය.
රටම ව්යවසනකයට පත්ව ඇති මෙම අවස්ථාවේ මෙරට පාරිභෝගිකයින් ගත කරනු ලබන්නේ ඉතිහාසයේ දුෂ්කරම අවස්ථාවකට බව අප කවුරැත් දන්නා කාරණයි. මෙම අසීරැ අවස්ථාවේදී මෙරට පාරිභෝගිකයින් ගසා කන ආකාරය පිළිබදව අප විසින් මෙසේ කරැණු ඉදිරිපත් කරමු.
කොළඔ දී එළවලු අලෙවි වූයේ කිලෝ එක රැපියල් 400.00 ක් වැනි මිලකට වූ අතර කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේදී ඊයේ දිනයේදී මෙම එළවලු කිලෝ එකක් ෙගාවියන් ගෙන් මිලදී ගෙන ඇත්තේ රැපියල් 12.00 – 30.00 මිලකටය. මේ අනුව පැහැදිලිව පෙනී යන්නේ අතරමැදියා විසින් විශාල මුදලක් ගසා කන බවය.
රජය මේ අවස්ථාවේ මේ සදහා මැදිහත් වී ගොවියාට සාධරණ මිලක් ලබා දී පාරිභෝගිකයා අතට සාධාරණ මිලකට එළවලු ලබා දෙන්නේ නම් එය සාධණිය තත්වයක් බවට පත්වේ.
මේ පිළිබදව අදාල ප්‍රදේශයේ ගොවි සංගම් විසින් අප සංවිධානය දැනුවත් කර අතර මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස අප සියලු මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ ගොවියාට හා පාරිභෝගිකයාට සාධාරණයක් ඉටු කිරීම සදහා පෙනී සිටින ලෙසයි.
ගොවි සංගමයේ දුරකතන අංකය 075-0651414
මෙයට, විශ්වාසි
රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය