27 April 2024
#දේශීය

හැමෝම මුඛ ආවරණ පැලදීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අංශය දැනුම් දෙයි

මුඛ ආවරණ පැළඳීම සිදුකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශ කර ඇත්තේ රෝගීන් යැයි සැක කරන පුද්ගලයින් , ඔවුන් සමග ඇසුරු කල පුද්ගලයින්හට පමණක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ මුඛ ආවරණ පැලදීමට අවශ්‍ය වන පුද්ගලයින් ලෙස රෝගීන් රැකබලාගන්නා සෞඛ්‍ය සේවකයින් , ශ්වසන රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් බවයි.

එම නිසා සාමාන්‍ය පුද්ගලයින්හට මුඛ ආවරණ නිර්දේශ නොකරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

එම නිවේදනය පහත පරිදි වේ.

 

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *