රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර හෙට (ජනවාරි 21) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව හෙට සිට පෙබරවාරි මස 13 වැනිදා දක්වා පළමු අදියර යටතේ පාසල් පැවැත්වීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර සටහනට අනුව, පළමු අදියර අවසානයේ පෙබරවාරි මස 14 වැනි දින සිට මාර්තු මස 2 වැනි දින දක්වා සිසුන්ට නිවාඩු හිමිවේ. මෙම කාලසීමාව තුළ 2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් එම නිවාඩුව ලබා දෙන බව වාර්තා වේ.
අනතුරුව පළමු වාරයේ දෙවන අදියර මාර්තු මස 3 වැනි දින සිට අප්‍රේල් මස 10 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත. පාසල් යළි ආරම්භ වන හෙට දිනයේ සිට සිසුන්ගේ පැමිණීම සහ විෂය නිර්දේශ ආවරණය කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස අධ්‍යාපන බලධාරීන් විදුහල්පතිවරුන් වෙත උපදෙස් දී තිබේ.














