ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙන දැවැන්ත මෙහෙයුමට 5000ක් එක්වෙයි
විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර අනාගත පරපුර රැක ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන හෙට (11) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, මෙම අවස්ථාව සඳහා ආගමික නායකයින්, රාජ්‍ය නිලධාරීන් සහ මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන් ඇතුළු 5000ක පමණ පිරිසක් සහභාගී වන බවයි. රට පුරා සියලු අංශ ඒකාබද්ධ කරමින් මත්ද්‍රව්‍ය ජාලය මුලින් උපුටා දැමීම මෙහි මූලික ඉලක්කය වී තිබේ.














