කතානායක අසෝක රන්වල මහතා ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගෙන නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය අනාවරණ කළා.
ඇය මේ බව ප්‍රකාශ කළේ, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ දේශපාලන කාර්යාලයේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
අදාළ විශ්වවිද්‍යාලයෙන් අසෝක රන්වල මහතාගේ උපාධිය සම්බන්ධයෙන් ශිෂ්‍යයන් ලියාපදිංචි කිරීමේ ඒකකයෙන් ඔවුන් විස්තර ඉල්ලා සිටි බව ද හිටපු මන්ත්‍රීවරිය කියා සිටියා.
ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලයේ එවැනි තැනැත්තකුගේ නමක් සඳහන්ව නොමැති බවට ඔවුන් පිළිතුරු ලබා දුන් බවයි, එම මාධ්‍ය සාකච්ඡාවේදී තලතා අතුකෝරළ මහත්මිය අනාවරණ කළේ.
පාර්ලිමේන්තුව පවිත්‍ර කිරීම සඳහා පැමිණි කණ්ඩායම විසින් අසත්‍ය තොරතුරු ප්‍රකාශ කර ඇති බවත් මෙය සුළුපටු වරදක් නොවන බවත් ඇය ප්‍රකාශ කළා.