• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කළ හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් පමණයි – ජනපති

24 March 2024
in දේශීය, පුවත්
රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කළ හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් පමණයි – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක් තුළින් පමණක් බවත්, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳී පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේම තමා භාරගත්තේ අනෙකුත් දේශපාලනඥයන් භාර ගැනීමට අකමැති වු රටක් බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඔවුන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දි තමා සිතුවේ රටේ අනාගතය පිළිබඳව බවද කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “යුනයිටඩ් යුත් තරුණ එකමුතුව” විසින් “තරුණ අපේ අනාගතය” මැයෙන් ඊයේ (23) පොළොන්නරුවේ දී සංවිධානය කර තිබූ සුහද කථා බහට එක් වෙමිනි.

“ජනපති සමඟ කථාබහක්” නමින් පැවැත්වුණු මෙම හමුවේදි රටේ ඉදිරි අනාගතය හා දැක්ම පිළිබඳ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමඟ සාකච්ඡා කළ අතර ඔවුන් මතුකළ ගැටළු රැසකට ද සාධනීය පිළිතුරු ලබා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ මම භාරගත්තේ වැටුණු රටක්. රට භාරගැනීමට දේශපාලන නායකයෝ අකමැති වු රටක්. මම හිතුවා මම මේ රට භාරගත්තේ නැත්නම් රටට මොකක්ද වෙන්නේ කියලා. සමහරු හිතුවා රට භාරගත්තොත් තමන්ගේ දේශපාලනය නැතිවෙයි කියලා. ඔවුන් තමන් ගැන සිතද්දි මම හිතුවේ එම මොහොතේ රට භාරගත්තේ නැත්නම් රට නැතිවෙයි කියලා. මට තිබු එකම ප්‍රශ්නය වුණේ මම විතරක් තනිවම පාර්ලිමේන්තුවේ සිටීමයි. නමුත් වැටුණු රට ගොඩනැඟිමට හැකි බවට මට විශ්වාසයක් තිබුණා. ඊට පෙර දෙසැම්බර් මාසයේ දී පමණ මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡා කර තිබුණා. ඒ වගේම ලෝක බැංකුව සමග සාකච්ඡා කර තිබුණා. මම ඒ පිළිබඳ හිටපු ජනාධිපතිවරයාට දැනුම් දීලා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස පැවසුවා. ඒ වගේම පසුගිය මැතිවරණයේ දීත් එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා රටට මුදල් නැහැ, ඒ නිසා ඩොලර් මිලියන 3000ක්වත් සොයාගත යුතු බව. එහිදී අපට ජනතාව ඡන්දය ලබා දුන්නේ නැහැ. නමුත් එම ප්‍රකාශය 2021 දී සත්‍යයක් බවට පත් වුණා. එවැනි තත්ත්වයකයි මම රට භාරගත්තේ. මම රට භාර නොගත්තානම් කුමක්ද සිදු වන්නේ. මම මේ රටේ වගකීම භාර නොගත්තා නම් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. බිඳ වැටුණු ආර්ථිකය නැවත ගොඩනැගීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට අප කටයුතු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සාර්ථක වී තිබෙන අතර අපට ණය ලබාදුන් රටවල් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. මෙම සාකච්ඡාවලින් පසු අපේ රටේ සංවර්ධන කටයුතු සඳහා නැවත එම රටවල සහාය හිමි වෙනවා. නමුත් සියලු ප්‍රශ්නවලට එමගින් විසදුම් ලැබෙන්නේ නැහැ. අප තවමත් ආනයන පදනම් කරගත් ආර්ථිකයක්. සෑම වසරකම අපනයනවලට වඩා ආනයන වැඩියි. මෙම පරතරය පියවා ගැනීමට නැවත ණය ලබා ගැනීමට සිදු වෙනවා. එවිට තවත් වසර 10ක් යන විට නැවත රටේ ආර්ථිකය කඩා වැටෙනවා. අද ඔබ වයස අවුරුදු 27ක තරුණයෙක් නම්, වයස අවුරුදු 37 වන විට ඔබ නැවත මෙම ආර්ථික පීඩනයට මුහුණ දීමට සූදානම් ද කියා ප්‍රශ්න කිරීමට මම කැමතියි. ඉන්ධන නැති වූ, ආර්ථිකය කඩා වැටුණු රටක් භාර ගැනීමට ඒ වන විට කිසිවෙක් සිටිද කියාවත් කිව නොහැකියි. ඒ නිසා අප සියලුදෙනාගේ වගකීම වන්නේ මෙම ආර්ථික අර්බුදය මතු පරපුරට උරුම නොකිරීමයි. ඒ වෙනුවෙන් කැපවීම අප සියලුදෙනාගේ වගකීමක් බව මම විශ්වාස කරනවා. අප කඩිනමින් ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු කළ යුතුයි. ආනයන පදනම් කරගත් ආර්ථිකයක සිට අපනයන පදනම් කරගත් ආර්ථිකයකට අප ගමන් කළයුතුයි. ඒ සඳහා නගරයේ පමණක් නෙවෙයි ගමේද ආර්ථිකය දියුණු කළයුතුව තිබෙනවා. ඒ වගේම අය වැය පාලනය කළයුතුයි. රජයේ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළහොත් 2035 වසර වන විට ආපනයන ආර්ථිකයකට යොමු වීමට අපට හැකියාව තිබෙනවා. ඉන් පසුව අපට සීග්‍ර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ හැකියි. ඒ වගේම වසරකට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහල නංවා ගැනීමට රජය සැලසුම්සහගතව කටයුතු කරනවා. ඒ වගේම වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් රටට ගෙන්වා ගත යුතුයි. එසේම කෘෂි නවීකරණ වැඩසටහන හරහා ගම දියුණු කිරිමට අප කටයුතු කරමින් සිටිනවා. එවිට කෘෂි අපනයන කරා අපට පහසුවෙන් ළගාවිය හැකියි. එහිදි නව වගාවන් හදුන්වාදීමට කටයුතු කර තිබෙන අතර දූරියන් වගාව පිළිබඳ තායිලන්ත රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම මෙරට තිබෙන බෝගවල ඵලදායිතාව ඉහළ නංවා ගැනිම තුළින් ග්‍රාමීය ආර්ථික දියුණු කිරීමට හැකියාව තිබෙනවා. සූර්ය බලය හා සුළං බලය අපේ රටේ විශාල වශයෙන් තිබෙනවා. ඒ අනුව සුළං සහ තාප බලයෙන් බලශක්ති උත්පාදනයට යොමු වීමෙන් අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා දස ගුණයක් ලබාගත හැකි අතර එහි අතිරික්ත ප්‍රමාණය ඉන්දියාවට අළෙවි කළ හැකියි. ඒ වගේම ඉන්දියාවේ සහය ඇතිව ත්‍රිකුණාමලයේ ආයෝජන කලාපයක් ඇති කිරිමට අක්කර දහසක් වෙන් කර තිබෙනවා. එසේම මහවැලි ඒ සහ බී කලාප සංවර්ධනය කර නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරිමට සැලසුම් කර තිබෙනවා. බිංගිරියේ සහ උතුරේ නව ආයෝජන කළාප ඇති කිරීමට කටයුතු කර තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය ඉඩම් මේ වන විටත් වෙන් කර තිබෙනවා. ඊළග වසර 05 තුළ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළයුතුයි.මම මේ සියල්ල සිදු කරන්නේ ඔබේ අනාගතය වෙනුවෙන්. ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව කිවයුතුයි.තවද, මෙම හිගුරක්ගොඩ ප්‍රදේශය දියුණු කිරීමට අප කටයුතු කර තිබෙන අතර, හිගුරක්ගොඩ ගුවන් තොටුපළ ඉදිකිරීම වෙනුවෙන් මෙම වසරේදී මුදල් ලබා දිමට කටයුතු කළා. ඒ තුළින් මෙම පළාතට අභ්‍යන්තර ගුවන් සේවා ලැබෙනවා. ඒ වගේම පොළොන්නරුව ඓතිහාසික පුරවරය සංචාරකයන්ට දිවා රාත්‍රියේ විවෘත කළ හැකියි. අපේ සංස්කෘතිකාංග සහ නවීන නැටුම් ගැයුම් සහ දේශීය ආහාර පාන එක් කර සංචාරක වැඩසටහන් සැකසීමේ හැකියාව තිබෙනවා. මෙම සියලු කටයුතු සමඟ අප ඉදිරියට යා යුතුයි. ඒ නිසා රට වෙනුවෙන් ගමන් කළ යුත්තේ කුමන මාර්ගයේ ද කියා තරුණ පරපුර තීරණය කළයුතුයි. ඔබ ඔබේ අනාගතය තීරණය කරන්න. මොකද අපේ දේශපාලනයේ සිටින බොහෝ දෙනෙක් තෙල් බෙහෙත් කාරයෝ. තෙල් බෙහෙත් අරගෙන කිසිවෙක් සුව වී නැහැ.ඒ නිසා ඔබ අනාගතය පිළිබඳ කල්පනාකරීව කටයුතු කළ යුතු බව මම ප්‍රකාශ කරනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මින්නේරිය ආසන සංවිධායක ජගත් සමරවික්‍රම, යුනයිටඩ් යූත් උපදේශක මණ්ඩල සභාපති සුදත් චන්ද්‍රසේකර, එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් අසංක රත්නායක, ජාතික සංවිධායක විජිත් අනුරාධ යන මහත්වරු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 6,590
Previous Post

පේදුරු තුඩුව මූලික රෝහලේ “හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය” ජනපති අතින් ජනතා අයිතියට

Next Post

සමන්තුරේ මුලික රෝහල් තෙමහල් ගොඩනැගිල්ල මාස 02 ක් ඇතුලත ජනතා අයිතියට- සෞඛ්‍ය අමාත්‍යංශය

editor ttvnews

editor ttvnews

Next Post

සමන්තුරේ මුලික රෝහල් තෙමහල් ගොඩනැගිල්ල මාස 02 ක් ඇතුලත ජනතා අයිතියට- සෞඛ්‍ය අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025
පරාටේ නීතිය අද සිට

පරාටේ නීතිය අද සිට

1 July 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

1 July 2025
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025

Recent News

ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025
පරාටේ නීතිය අද සිට

පරාටේ නීතිය අද සිට

1 July 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

1 July 2025
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025
පරාටේ නීතිය අද සිට

පරාටේ නීතිය අද සිට

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved