27 April 2024
#දේශීය #පුවත්

පේදුරු තුඩුව මූලික රෝහලේ “හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය” ජනපති අතින් ජනතා අයිතියට

නෙදර්ලන්ත රජයේ DRIVE සහන ණය ක්‍රමය යටතේ ඉදිකරන ලද පේදුරු තුඩුව මූලික රෝහලේ “හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය” ජනතා අයිතියට පවරාදීම ඊයේ (22) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණ.

යාපනය සහ පේදුරු තුඩුව ජනතාව වෙනුවෙන් මෙම වෛද්‍ය පහසුකම් සලසාදීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී නෙදර්ලන්ත රජයට සිය ස්තූතිය පිරිනැමීමට ද කටයුතු කළේය.

හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය, මූලික සත්කාර ඒකකය, විකිරණ අංශය (x-ray, ultrasound scanner සහ CT ස්කෑනරය), දැඩි සත්කාර ඒකකය, ශල්‍යාගාරය, නොමේරු ළදරු සත්කාර ඒකකය, ශල්‍ය වාට්ටුව, මාතෘ වාට්ටුව, වඳ සත්කාර ඒකකය, ඩයලිසිස් ඒකකය, රසායනාගාරය ඇතුළු පේදුරු තුඩුව මූලික රෝහලේ සංවර්ධන කටයුතු සඳහා නෙදර්ලන්ත රජයේ DRIVE සහන ණය ක්‍රමය යටතේ රුපියල් බිලියන 04ක් ලබා දී තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර “හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය” විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ද සුහද කතාබහක ද නිරත විය.

අනතුරුව පැවති උත්සව සභාවේ දී ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හොබැක් (Bonnie Horbach) මහත්මියට සහ VAMED ආයතනයේ කළමණාකරන අධ්‍යක්ෂ Paul de Bruin මහතාට සමරු සිහිවටන පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *