• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට වැටුණ අවස්ථාවේ බාර ගත්ත රනිල් කියන විදිහට වැඩ කරමු – මන්ත්‍රී වජිර

11 May 2024
in දේශීය, පුවත්
රට වැටුණ අවස්ථාවේ බාර ගත්ත රනිල් කියන විදිහට වැඩ කරමු – මන්ත්‍රී වජිර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපි සියලුදෙනාගෙම වාසනාවකට රට වැටුණු විට මේ රට බාරගන්න නායකයෙක් සිටි බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ප්‍රකාශ කරන ආකාරයට එකතු වී මේ රට ඉදිරියට ගෙනයාමට කැපවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (11) දින වැලිගම නගර ශාලාවේ 10 වෙනි දින පැවැති දකුණු පළාත් නව ගුරුපත්වීම් ලබාදීමේ වැඩසටහන අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ” දකුණු පළාතේ පාසල් සඳහා තිබුණු ගුරු හිඟය අවසන් කිරීම සඳහා නව උපාධිධාරී ගුරු පත්වීම් ලබාදීමේ වැඩසටහන අද (10) උදෑසන වැලිගම නගර ශාලාවේදී පැවැත්වුණා.දකුණු පලාත තුළ පමණක් ගුරු පුරප්පාඩු 3000 කට ආසන්න ප්‍රමාණයක් තිබෙන අතර ඉක්මනින්ම එම පුරප්පාඩු සඳහා නව පත්වීම් ලබාදීමට නියමිතයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පසුගිය මාර්තු 8 වෙනිදා කාන්තාවන් සඳහා විශේෂ ප්‍රඥප්තියක් පාර්ලිමේන්තුවේදී සම්මත කළා. එය කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විශේෂ පනතක්.

ඔබ අද මේ ක්ෂේත්‍රයට එන්නේ පුරප්පාඩු 3000 ක් තිබෙන තැන පුරප්පාඩු 1000 ක් පමණ අද මෙම අවස්ථාවේදී සම්පූර්ණ වෙනවා. තවත් 2000 කට පමණ ඒ අවස්ථාව ඉක්මනින්ම දෙන්න තිබෙනවා. මට කිසි සැකයක් නැහැ අපේ ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේවර්ධන මැතිතුමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එකතු වෙලා ඒ කාර්යය ඉතාම කෙටි කාලයක් තුළ අවසන් කරයි. එය අත්‍යවශ්‍ය කාරණයක්. පාසල්වල ගුරුවරුන්ගේ හිඟය නිසා පීඩාවට පත්වන්නේ අපේ දරු පරපුරයි. අද ලෝකය වෙනස් වෙලා. ලෝකයේ දියුණු රටවල ගුරුවර ගුරුවරියන් බඳවා ගන්නේ පාසලෙන් ඉල්ලුම් පත්‍ර කැඳවලයි. අපිත් ලෝකයත් සමඟ වෙනස් වී ඉදිරියට යා යුතුව තිබෙනවා.

මම අහගෙන හිටියා අධ්‍යාපන ලේකම්තුමාගේ කතාව. එතුමා කිව්වා හොඳ කතාවක්. වෙනදා වගේ නෙමෙයි ප්‍රාදේශීය ලේකම් මේ කොට්ඨාශයටම දානවා කියලා. ඒක ඉතාම හොඳ තත්ත්වයක්. එතකොට අපේ ළඟට කවුරුවත් එන්නේ නැහැ මරුවීම් ඉල්ලන්න.

අපි විනාශ වෙලා. අපි බෙදිලා. අපි වෙන් වෙලා. අපි සෑම අතින්ම විනාශවුණු ජාතියක් බවට පරිවර්තනය වෙලා. අද දවස 10 වෙනිදා, ඊයේ 9 වෙනිදා. දැනට අවුරුදු දෙකකට උඩදී අතුකෝරළ මන්ත්‍රීවරයා පාරේ ගහලා ඇදගෙන ගිහින් මරලා දානවා. අපේ ළමයි දැක්කේ ඒ දේවල්.

රටක් බංකොලොත් වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයෙදී කියනවා, අපි මොන තරම් බංකොලොත් වුණත් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාවලට බඳවා ගැනීම් සියල්ලම අඩුවකින් තොරව කළ යුතුයි කියලා. එහෙම නොවුනොත් මුළු රටම කඩාගෙන වැටෙනවා. වාසනාවට අද රට පාලනය කරන ජනාධිපතිතුමන්ට තමන්ගේ කියලා රකින්න තිබෙන්නේ ජාතිය, තමන්ගේ කියලා රකින්නේ තිබෙන්නේ රට, තමන්ගේ කියලා ආරක්ෂා කරන්න තිබෙන්නේ ජාතිය සහ රට. එසේනම් අපි බෙදිලා වෙන්වෙලා විනාශ වුණු ජාතියක් හැටියට නැවත එකතු විම වැදගත්. අපිට යන්න වෙන පාරක් නැහැ. අපි බෙදුනොත් වැනසෙයි. අපි එකමුතු වුණොත් ජාතියක් හැටියට නැගිටියි.

එසේම ගුරුවර ගුරුවරියන්ගේ ප්‍රඥප්ති ශක්තිමත් විය යුතුයි. ඒ ඔබ අපි කතා කරන සමාජ සාධාරණවත්ය ගොඩනගපු නායකයෙක් තමයි අද අපේ රට පාලනය කරන්නේ. ඒ තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. 1977 අපි බලය ලබපු වෙලාවේ ගුරුවර ගුරුවරියන්ව පත් කළේ දේශපාලනඥයින්.

නමුත් තරුණ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වයස අවුරුදු විසි ගානෙදී මේ රටේ අධ්‍යාපන ඇමතිධූරයට පත්වෙලා මුළු පාර්ලිමේන්තුවේ සහ මුළු ආණ්ඩුවේම සියලුදෙනා තරහ කරගෙන ගුරුවර ගුරුවරියන් සඳහා දේශපාලනඥයින් විසින් පත්වීම් ලබාදෙන ක්‍රමය වෙනුවට තරඟ විභාග ක්‍රමය ඇති කරනවා. එතුමාට ගොඩක් දෙනෙක් දොස් කියනවා. නමුත් එතුමා ගත්ත තීරණය වෙනස් කරන්නේ නැහැ. එතුමා කියනවා ගුරුවර ගුරුවරියන් පත් කර ගත යුත්තේම තරඟ විභාග ක්‍රමය තුළින් බව. අද මේ ශාලාවේ වගේම ඉන් පිටත සිටින ගුරුවර ගුරුවරියනුත් එය භුක්ති විඳිනවා.

නමුත් එවැනි සමාජ සාධාරණත්වයක් පෙනී සිටි පුද්ගලයා වෙනුවෙන් අපේ රටේ ජනතාව කොයි තරම් කෘතවේදීත්වයක් දැක්වුවාද යන්න අපි සියලුදෙනාටම ප්‍රශ්නයක් වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දායාද කළ ක්‍රමය භුක්ති විඳින කිසි කෙනෙක් අද කියන්නේ නැහැ අපි අද මෙතැනට ආවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ක්‍රමය නිසා කියලා. ඔවුනුත් ඇතැම් දේශපාලනඥයින්ගේ වහසි බස්වලට රැවටිලා කියනවා අපි ඒ මහත්මයා එලවන්න ඕන කියලා.

නිදහස් අධ්‍යාපනයට නායකත්වය දුනනේ දකුණෙන්. ඒ C.W.W. කන්නන්ගර මැතිතුමා. අම්බලන්ගොඩ සාමාන්‍ය පවුලක ඉපදිලා අම්බලන්ගොඩ පාසලක කතාවක් පවත්වනකොට රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති බලනවා සේරම තෑගි මේ ළමයා ගන්න හින්දා ඒ ළමයා අරගෙන ගිහින් හොස්ටල් එකේ දලා අධ්‍යාපනය ලබලා දෙන්න. ඔහු තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හඬ නගන්නේ නිදහස් අධ්‍යාපනය තහවුරු කළ යුතුයි කියලා. එතුමා ගාල්ලේදී කලකිරුණු නිසා යනවා මතුගමට. මතුගම මිනිස්සුත් එතුමාව ප්‍රතික්ෂේප කරනවා. එතුමා එක වරදක් කළා. ඒ මොකද්ද, ජාතියට නිදහස් අධ්‍යාපනය බිහිකරදීම.

ශ්‍රී ලාංකික විශේෂයෙන්ම බෞද්ධ අය මේ සියලුදෙනාම කල්පනා කළ යුතුයි ජාතියක් හැටියට කොහොමද අපි ඉදිරියට යන්නේ කියලා.

අද මෙතැන පත්වීම් ලබන්නේ ගුරුවර ගුරුවරියන්. ඔබට හැකියාව තිබෙනවා අපේ අනාගත පරම්පරාවට නිවැරදි දැක්මක් පෙන්වන්න. කෘතවේදීත්වය දැක්විය යුතු පුද්ගලයින්ට කෘතවේදීත්වය දැක්වීමට හුරුකරන්න.

ඔබ පමණක්ම නොවෙයි මේ පිළිබඳව අපේ රටේ සමස්ථ මහජනතාවත් ඉතා අවබෝධයෙන් ක්‍රියා කළ යුතුයි. බෙදිලා ප්‍රශ්න විසඳන්න බැහැ. බෙදීම් වෙන්වීම් තුළින් අපේ රට කඩාගෙන වැටුණා. බංකොලොත් භාවයට පත්වුණා.

කෙසේ හෝ අපි සියලුදෙනාගෙම වාසනාවකට රට වැටුණු විට මේ රට බාරගන්න නායකයෙක් සිටියා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එසේනම් අපි සියලුදෙනාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රකාශ කරන ආකාරයට එකතු වී මේ රට ඉදිරියට ගෙනයාමට කැපවිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අධ්‍යාපන ලේකම්තුමන්, නව පත්වීම් ලාභීන් ඇතුලු පිරිසක් එකතු වී සිටියහ.

Post Views: 17,886
Previous Post

DIGIECON ගෝලීය ආයෝජන සමුළුව ජුනි 25 වනදා කොළඹදී –  තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක 

Next Post

කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා – ජනපති

කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved