ලෝක දේශපාලන ඉතිහාසයේ මෙන්ම ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ද සුවිශේෂී සිදුවීම් කිහිපයක් සනිටුහන් වූ දිනයක් ලෙස ජනවාරි 19 වැනිදා හැඳින්විය හැකිය. අදින් වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ රාජ්‍ය නායකත්වයේ තීරණාත්මක වෙනස්කම් දෙකක් මෙම දිනයේදී සිදුවිය.
ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපති ලෙස රණසිංහ ප්‍රේමදාස දිවුරුම් දීම 1988 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ රණසිංහ ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ලද්දේ 1989 ජනවාරි 19 වැනිදාය. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පත්තිරිප්පුවේ සිට ඔහු ජාතිය ඇමතූ අතර, මෙරට සාමාන්‍ය ජනතාව අතරින් බිහිවූ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස ඔහු ඉතිහාසයට එක්විය. අද දිනට ඔහු එම ධුරයට පත්ව වසර 37ක් සපිරේ.
ඉන්දිරා ගාන්ධි ඉන්දියාවේ ප්‍රථම කාන්තා අගමැති ලෙස පත්වීම ඉන්දියාවේ පමණක් නොව ලෝක දේශපාලනයේ ද පියවරක් ඉදිරියට තබමින් ඉන්දිරා ගාන්ධි මහත්මිය ඉන්දියාවේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත් වූයේ 1966 ජනවාරි 19 වැනිදාය. ලාල් බහදූර් ශාස්ත්‍රී මහතාගේ අභාවයෙන් පසු ඇය එම ධුරයට පත් වූ අතර, අද දිනට ඇය අගමැති ධුරයට පත්ව වසර 60ක් සපිරීම සුවිශේෂී වේ.














