ලෝක වෙළෙඳපොළේ රන් මිල තවත් ඉහළ ගොස් ඇති අතර, ඊට අනුව ශ්‍රී ලංකාවේ රන් මිලද දැඩි ලෙස වැඩිවී ඇත.
ලෝක රන් මිල අද වන විට එක් ඇමරිකානු ඩොලර් 4,212 ඉක්මවා ඇති අතර, එයට සමපාතව මෙරට රන් මිල ගණන්ද සුවිශේෂී වශයෙන් ඉහළ ගොස් ඇත.
වෙළෙඳපොළ තොරතුරු අනුව, ඊයේ දිනයට සාපේක්ෂව රන් මිල රුපියල් 10,000කින් වැඩි වී ඇත.
ඒ අනුව, අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ “කැරට් 22” රන් පවුමක් රු. 310,800ක් ලෙසත්, ඊයේ එම මිල රු. 301,500ක් ලෙසත් දැක්වුණි.
එමෙන්ම “කැරට් 24” රන් පවුමක මිල ඊයේ රු. 326,000ක් වූ අතර, අද වනවිට එය රු. 336,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.













