ලෝක වෙළෙඳපොළේ අද (23) වනවිට රත්‍රං ඩොලර් 4,485 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබෙනව.ා
මෙරට රත්‍රං මිල ඊයේ (22) දිනයට සාපේක්ෂව අද දිනය වනවිට ඉහළ ගොස් ඇත්තේ රුපියල් 7,000කින්.
ඒ අනුව (23) අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල දැක්වුනේ රු. 325,600ක් ලෙසයි.
මේ අතර ඊයේ දිනයේ දී රු. 344,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 352,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.














