තරුණ තරුණියන්ට දේශපාලන දැනුම හා practically අත්දැකීම් ලබාදීමේ අරමුණින් “ලර්න් විත් රනිල්” (රනිල්ගෙන් ඉගෙන ගනිමු) නමින් නව වැඩසටහනක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබෙනවා.
සතියකට දෙවරක් පැවැත්වීමට නියමිත මෙම වැඩසටහනේදී, තරුණ තරුණියන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සෘජුව ප්‍රශ්න කරමින් දේශපාලන කරුණු අධ්‍යයනය කිරීමේ අවස්ථාවක් ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වැඩසටහනට එක්වීමට කැමති අය මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි විය හැකියි.
එක්සත් ජාතික පක්ෂය 2025 දෙසැම්බර් 10 වන විට පූර්ණ ඩිජිටල් දේශපාලන පක්ෂයක් බවට පත් කිරීමටත්, නායකත්වය හා ගමේ සාමාජිකයා අතර අදහස් හුවමාරු කළ හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමටත් අරමුණ ගනී.
පක්ෂයේ නව නියෝජ්‍ය මහ ලේකම් ලෙස වැඩ භාර ගත් හරින් ප්‍රනාන්දු මහතා මෙම වැඩසටහන පිළිබඳව ඊයේ (10) මාධ්‍යයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, සිරිකොත පක්ෂ මූලස්ථානය නව ජීවයකින් ජනතාවට විවෘත ස්ථානයක් බවට පත් කරමින් කාන්තා සහ තරුණ වැඩමුළු, පුස්තකාලය සහ දේශපාලන අධ්‍යයන අවස්ථා ඇති නව පරිසරයක් සාදන බවද ඔහු පවසා තිබෙනවා.














