එජාපය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස එහි පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉඟි කර තිබෙන බවට තොරතුරු වාර්තා වුණා.
රනිල් වික්‍රමසිංහ මහතා මේ බව අවධාරණය කර ඇත්තේ ඊයේ (17) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදියි.
තලතා අතුකෝරළ, රුවන් විජේවර්ධන සහ සාගල රත්නායක යන මහත්ම මහත්මීන් දෙපාර්ශවය අතර සාකච්ඡා සඳහා එජාපය වෙනුවෙන් පත් කර තිබෙන අතර සමගි ජන බලවේගය වෙනුවෙන් එම සාකච්ඡා සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෘජුවම සම්බන්ධ වන බව දන්වා තිබෙනවා.
තමන් විධායක ජනාධිපති ධුරය දැරූ බැවින්, පක්ෂ දෙක ඒකාබද්ධ වීමේදී නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරන්නේ නම් ඊට තමා එකඟ වන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. පක්ෂ දෙක අතර සාකච්ඡා අවසන් තීරණයකට එළඹිය යුතු බවටයි ඔහු උපදෙස් දී තිබෙන්නේ.
“මම මේ රටේ ඉහළම තනතුර වන විධායක ජනාධිපති ධුරය දැරූ අයෙක්. පක්ෂය ශක්තිමත් කිරීමට ගන්නා ඕනෑම තීරණයකට මගේ සහය හිමිවෙනවා.” – රනිල් වික්‍රමසිංහ














