හොට්ටුව ගෝත්රවාදී පවුල්වාදී දේශපාලන ව්‍යාපාරයක් බව ඔවුන්ගේ ක්‍රියා කළාපයෙන්ම මේ වන විට සනාථ වී තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) අරලියගහ මන්දිරයේ පැවැති ග්‍රාමිය යටිතල පහසුකම් සංවර්ධනය කිරිමේ විශේෂ වැඩසටහනට සහභාගී වෙමින්.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පොහොට්ටුවේ නායකත්වය රාජපක්ෂවරුන්ගෙන් පිටට නොයන බවයි. රාජපක්ෂවරු මේ රට විශාල ණය උගුලක සිරකර තිබෙන බවත් මේ ණය කන්දරාව අපි තවත් පරම්පරාවකට භාර නොදෙන බව අමාත්‍යවරයා කියා සිටියේය. රනිල් වික්‍රමසිංහ මහතා දක්ෂ නාකයයෙක් බවත් අපටඓතිහාසික වැඩ කොටසක් කළ යුතුව ඇති බව හෙතෙම කියා සිටියේය. මේ රට දකුණු ආසියාවේ දියුණුම රට බවට පත් කිරීමත් ඒ සඳහා අඩිතාලම දැන් දමා තිබෙන අතර එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ ඒ ගමන තවත් වේගවත් කරගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.