• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

6 June 2024
in දේශීය, පුවත්
“රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රවීණ රංගනවේදී රවින්ද්‍ර රන්දෙණිය මහතා දශක 5ක් පුරා ශ්‍රී ලාංකේය සිනමාව උදෙසා සිදු කළ විශිෂ්ට සේවාව අගයමින් “රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

1974 වසරේදී තිරගත කෙරුණු ‘තරංගා’ සිනමා පටයෙන් සිනමාවට එක්වන රවීන්ද්‍ර රන්දෙණිය නම් වූ රංගන ශිල්පියා විශිෂ්ට රංගන පෞරුෂයකට හිමිකම් කියමින් තමාට රඟපාන්නට ලැබුණු සෑම චරිතයකටම උපරිමයෙන් සාධාරණය ඉටුකළ අතර පසුගිය දශක 5 පුරාවට ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂක හදවත් තුළ සදා නොමැකෙන මතක සටහන් රැසක් තබන්නට සමත් විය.

දුහුලු මලක්, පොඩි මල්ලි, වීරපුරන් අප්පු, ජනේලය, මායා, ආරාධනා, දඩයම, මංගල තෑග්ග, සාගර ජලය, සෛලම, සිරිමැදුර, අනන්ත රාත්‍රිය, කළුදිය දහර ඇතුළු සිනමාපට 100කට අධික ප්‍රමාණයකට තම රංගන ප්‍රතිභාව මුසු කරමින් ප්‍රේක්ෂකයා සිනමාශාලාව තුළට කැඳවා ගනිමින් සිංහල සිනමා කර්මාන්තය ඉහළට ඔසවා තැබීමට විශාල දායකත්වයක් ලබා දුන් ඔහු ශ්‍රී ලංකාව තුළ පැවති සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ ඕ.සී.අයි.සී. සහ විචාරක සම්මාන උළෙල රැසකදී පහළොස්වතාවකට වැඩි අවස්ථා ගණනාවකදී හොඳම නළුවාගේ සම්මානයෙන් පිදුම් ලැබූ අතර ජීවිතයට එක්වතාවක් පමණක් ලැබෙන Life time Achievements Awards සම්මාන 07කින් ද හොඳම සහාය නළුවා හා ඇගැයීම සම්මාන රැසකින් ද පිදුම් ලබා ඇත. ඔහු සිනමාව උදෙසා කළ සේවාව වෙනුවෙන් සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයෙන් පිරිනැමෙන දර්ශන සූරී සම්මාන උපාධියෙන් ද පිදුම් ලබා ඇත. මීට අමතරව ජාත්‍යන්තර සිනමාපට රැසකට තම රංගන දායකත්වය ලබාදුන් මේ ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියා Street Child (ප්‍රධාන චරිතය), Mother Thresa, Jungle Heat, Sandokan හා තිරගත වීමට නියමිත Distant Tear Drop සිනමාපටයේ (ප්‍රධාන චරිතය) ඇතුළු සිනමාපට රැසකට රංගන දායකත්ව ලබා දී ඇත.

සිනමා විචාරක ගාමිණී වේරගොඩ මහතා සිංහල බසින් හා උදිත දේවප්‍රිය මහතා ඉංග්‍රීසි බසින් රචිත රවින්ද්‍ර රන්දෙණිය චරිතාපදානය ග්‍රන්ථ ද්විත්වය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර රවින්ද්‍ර රන්දෙණිය මහතා විසින් එහි පළමු පිටපත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

රවින්ද්‍ර රන්දෙණිය මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ එතුමා ක්ෂේත්‍ර ගණනාවකට දායකත්වය ලබා දිය හැකි දක්ෂ රංගධරයෙක් බවයි.

දේශපාලන වශයෙන් රවින්ද්‍ර රන්දෙණිය මහතා තමා සමඟ සමීපව කටයුතු කළ අන්දමද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සිය දේශපාලන කටයුතුවලට ඔහුගෙන් ලැබුණු නොමඳ සහායද කෘතවේදීව සිහිපත් කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, හිටපු කථානායක කරු ජයසුරිය යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන නියෝජිතයන් ද, සිනමා කර්මාන්තයට සම්බන්ධ සියලු අංශයන් නියෝජනය කරමින් ඔහුගේ සමකාලීනයන් හා සම්භාවනීය ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 16,528
Previous Post

ඉදිරියේදී ගම්පහ ජලයෙන් යටවීම වැලැක්වීමට සියලු රාජ්‍ය ආයතනවලින් සමන්විත ඒකාබද්ධ කමිටුවක්

Next Post

ජනතා ප්‍රශ්න අවබෝධ කර ගැනීමට රජයේ නිලධාරීන්ට හොඳ ඉවක් තිබිය යුතුයි – අගමැති

editor ttvnews

editor ttvnews

Next Post
ජනතා ප්‍රශ්න අවබෝධ කර ගැනීමට රජයේ නිලධාරීන්ට හොඳ ඉවක් තිබිය යුතුයි – අගමැති

ජනතා ප්‍රශ්න අවබෝධ කර ගැනීමට රජයේ නිලධාරීන්ට හොඳ ඉවක් තිබිය යුතුයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved