• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරියේදී ගම්පහ ජලයෙන් යටවීම වැලැක්වීමට සියලු රාජ්‍ය ආයතනවලින් සමන්විත ඒකාබද්ධ කමිටුවක්

6 June 2024
in දේශීය, පුවත්
ඉදිරියේදී ගම්පහ ජලයෙන් යටවීම වැලැක්වීමට සියලු රාජ්‍ය ආයතනවලින් සමන්විත ඒකාබද්ධ කමිටුවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරියේදී ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැලැක්වීම සඳහා සියලු රාජ්‍ය ආයතවලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය කෙරිණ. ඉදිරියේදී ගම්පහ දිස්ත්‍රික්කය හා ගම්පහ නගරය ජලයෙන් යටවීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද යන්න පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (05) දින කැඳවා තිබුණි. එය පැවැත්වුණේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීය.

ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සැලසුම්) ඉංජිනේරු කේ.එච්. කීර්තිරත්න මහතා විසින් තෙවැදෑරුම් වැඩපිළිවෙලක් මෙහිදී ඉදිරිපත් කළේය.

මෙම තෙවැදෑරුම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ වගකීම පත්කර ගත් ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවට පැවරීමට මෙහිදී තීරණය කෙරුණි. එම කමිටුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, මහා මාර්ග අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතනවලින් සමන්විත වේ. කෙටි කාලීන, මධ්‍යකාලීන දිගු කාලීන ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

මේ වනවිටත් මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩසටහන් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කීර්තිරත්න මහතා පවසයි. එම වැඩපිළිවෙල කඩිනම් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නේය.

කෙටිකාලීන වැඩපිළිවෙල යටතේ පසුගිය වසරේ දිස්ත්‍රික්කයේ හඳුනාගත් ස්ථාන 71ක් ශුද්ධ පවිත්‍ර කෙරිණ. එලෙස ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළේ ජාරු ඇළ, කළුකොටුව ඇළ, කුණ්ඩි ඇළ යන ඇළ මාර්ග තුනය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ බව ශ්‍රී ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතා පවසයි. ඒ සඳහා වැය වූ මුදල රුපියල් ලක්ෂ 37කි.

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ප්‍රධාන වශයෙන්ම හදුනාගත හැකි ප්‍රධාන ආපදා තත්ත්වය වන්නේ ජල ගැලීම් තත්වයයි. එයට ප්‍රධාන හේතුව වන්නේ අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් අත්තනගලු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව පවතින පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යටවීමත්ය. පසුගිය වසර කිහිපය තුළ ගම්පහ නගරය යට නොවීය. නමුත් පසුගිය වසර කිහිපයට වඩා ඉකුත් දින කිහිපය තුළ දිවයින පුරා මිලිමීටර් 300 ඉක්මවා ඉහළ ද්‍රෝණියට ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජලය බැස යන අත්තනගලු ඔයේ ප්‍රධාන ඇල වන අලි ඔය, උරුවල් ඔය, යාරු ඔය, කළු ඇල, කුණ්ඩිවිල ඇල එකවර පිටාර ගැලීමෙන් මෙම ගංවතුර තත්වය ඇති වූ බව පළාත් වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.

පසුගිය දිනවල ඇද වැටුණු අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ නගරයට බලපෑ ගංවතුරෙන් පවුල් 19,860ක සාමාජිකයන් 80,411ක් පීඩාවට පත්ව තිබේ. පවුල් 527ක පුද්ගලයින් 21,478ක් ආරක්ෂිත ස්ථාන 5ක යොමු කොට ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය. ඔහු කියා සිටියේ ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීමට ආපදා කළමනාකරණ ඒකකය හා ත්‍රිවිද හමුදාව පොලිසිය, පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන කටයුතු කරමින් සිටින බවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී කියා සිටියේ ගම්පහ නගරයේ රෝහල, පාසල් හා ඒ ආවට තිබෙන ප්‍රධාන පැති කාණු සහ අනෙකුත් ඇල මාර්ග හදුනාගෙන එයින් ජලය බැස යාමට හැකි ලෙස පුළුල් කර සංවර්ධනය කිරීමට සැලසුමක් සකස් කරන ලෙසයි.

ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවන්නේ මිලිමීටර් කොපමණ ප්‍රමාණයක වර්ෂා පතනයක් පතිතවුවහොත්ද යන්න හදුනාගනිමින් ඊට විසදුම් සෙවීමට ගම්පහ දිස්ත්‍රික්කයට වෙනම සැලසුමක් සකස් කළ යුතු බව ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මෙහිදී යෝජනා කළේය.

ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව මීට පෙර ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යට නොවීමට ඉඩ නොදී ගංවතුර පාලනය කිරීමට සියළුම රාජ්‍ය ආයතන සමඟ එක්ව විශාල වැඩ කොටසක් සිදු කළ බවත් මෙවර ගංවතුර තත්වයට හේතුව දිවයිනට බලපෑ අධික වර්ෂාව බවත් හෙතෙම පැවසීය.

ගම්පහ නගරයේ කාණු පද්ධතිය හා ඇල මාර්ග පද්ධතිය අවහිරවන ලෙස අනවසර ඉදිකිරීම් රැසක් සිදුකර ඇති බව ගම්පහ නාගරික කොමසාරිස්වරිය මෙහිදී සඳහන් කළාය. ඇය පවසා සිටියේ කාණු පද්ධතිය අවහිර වී ජලය ඉක්මනින් බැස නොයාම ගම්පහ නගරය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව වූ බවයි.

කාණු පද්ධතිය පිළිසකර කිරීමට සහ ඒවායේ ඉදිකර ඇති අනවසර ඉවත් කිරීම් ඉවත් කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නාගරික කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටියේය. අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී කියා සිටියේ රාජ්‍ය ආයතවල උපරිම සහයෝගය ඒ සඳහා ලබා දෙන ලෙසයි.

මෙම අවස්ථාවට පළාත් පාලන ආයතනවල නිලධාරින් හා දේශපාලන අධිකාරිය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රදීප් අනුර කුමාර

Post Views: 19,863
Previous Post

ගංවතුර සහනාධාර ලබාදීමට UN සහ NGO නියෝජිතයින් අතර රාජ්‍ය ඇමති ප්‍රමිත අතර සාකච්ඡාවක්

Next Post

“රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

editor ttvnews

editor ttvnews

Next Post
“රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

“රවී - සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved