රාජගිරිය ප්‍රදේශයේ ගරාජයක් තුළ තරුණයෙකුට සවලකින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පහරදීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි එක් තරුණයෙකු ඊයේ රාත්‍රියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා තහවුරු කළේය. සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පහරදීමේ දර්ශන සංසරණය වීමත් සමඟ සිද්ධිය පිළිබඳව දැඩි මහජන අවධානයක් යොමු විය.
වාර්තා වන පරිදි, මෙම පහරදීමට සම්බන්ධ වූ හෝ ඒ අසල සිටි පිරිස අතර මෙරට ජනප්‍රිය නිරූපණ ශිල්පිනියකගේ පුත්‍රයෙකු ද සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත. සවලකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ තරුණයාගේ තත්ත්වය සහ මෙම සිද්ධියට තුඩුදුන් හේතුව පිළිබඳව පොලිසිය වැඩිදුර ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින අතර, පලාගිය අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.














