• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය නිලධාරීන් චක්‍රලේඛ නිකුත් කරන්නේ වැඩ කරන්න මිසක් නතර කරන්න නෙමෙයි – අගමැති

29 January 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය නිලධාරීන් චක්‍රලේඛ නිකුත් කළ යුත්තේ වැඩ කිරීමට මිස සිදු කරමින් සිටින වැඩ නැවැත්වීමට නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) පෙරවරුවේ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පසුගිය රජය මගින් රාජ්‍ය නිලධාරීන් අපහසුතාවට පත් කිරීමට ගන්නා ලද තීන්දු තීරණ හේතුවෙන් රාජ්‍ය සේවය යම්තාක් දුරකට අකර්මන්‍ය වී ඇති බවයි. ඔවුන් පත්ව ඇති මෙම ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබා දී රාජ්‍ය සේවය නැවත සක්‍රීය කර ජනතාවට සේවය සලසන මට්ටමට රැගෙන එන බව හෙතෙම පැවසිය.

එසේ ම රටේ පවතින ආර්ථික තත්ත්වය සහ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ දී මතු වී ඇති ගැටලු පිළිබඳ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහි දී මුදල් අමාත්‍යවරයා දැනුවත් කරන ලදී. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සේම කොන්ත්‍රාත්කරුවන් මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ මෙහි දී පෙන්වා දෙන ලදී.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් නංවමින් ආර්ථික සංවර්ධනය ඇති කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක සපිරි ගමක් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යාමට උපදෙස් ලබා දෙන ලදී. එසේ ම සුළු හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට සිය කටයුතු නොබියව සිදු කරගෙන යන ඉල්ලා සිටි මුදල් අමාත්‍යවරයා ඔවුන්ට අයවිය යුතු මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දීමට කටයුතු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

පසුගිය රජය ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වෙන් කර තිබීම හේතුවෙන් රජය සේම රජයේ විවිධ ව්‍යාපෘති සඳහා දායකත්වය දැක් වූ පෞද්ගලික ආයතන පත්ව ඇති අපහසුතාවන් අවදානය යොමු කළේ ය. මුදල් අමාත්‍යවරයා පසුගිය රජයේ වියදම් ප්‍රමාණය ඉහළ යාමත් වියදම් කළමනාකරණය නොකිරීමත් හේතුවෙන් අයවැය පරතරය ඉහළ ගොස් ඇති බව ද මෙහි දී පෙන්වා දෙන ලදී. එසේම දැනට ක්‍රියාත්මක වන රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ද සාර්ථිකව ක්‍රියාත්මක වෙමින් පවතින බව ද මුදල් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

එමෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබා දී ඇති සහන වැඩසටහන පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී අදහස් පළ කළේ ය. ඒ අනුව දැනට විවිධ ණය ලබාගෙන ගෙවා ගැනීමට නොහැකි වී ඇති වී ඇති හෝ ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති ව්‍යපාරිකයන් සඳහා මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති සහන පැකේජය පිළිබඳව පැහැදිලි කරමින් අදාළ ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යාම සඳහා උපරිම සහය දක්වන ලෙස අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ලෙස බැංකු නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. මෙම සහන පැකේජය යටතේ ණය අයදුම් කිරීමේ දී ණය තොරතුරු කාර්යාංශය වාර්තාව ගැටලුවක් කර නොගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා අදාළ පාර්ශ්වයන්ට දැනුම් දෙන ලදී.

මෙම හමුව සඳහා රාජ්‍ය අමාත්‍යවරු වන ඩබ්ලියු.ඩී.ජේ. සෙනෙවිරත්න සහ ෂෙහාන් සේමසිංහ යන මහත්වරු ද අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන නියෝජනය කරමින් ආයතන ප්‍රධානිහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 1
Previous Post

ශ්‍රී ලාංකීය වැඩබිම් තුල විදෙස් කම්කරුවන් සිදුකරන්නේ කුමක්ද…?

Next Post

ගෝඨා – මහින්ද සුසංයෝගය වැලැක්විය නොහැක – කුමාරසිරි කියයි

editor

editor

Next Post

ගෝඨා - මහින්ද සුසංයෝගය වැලැක්විය නොහැක - කුමාරසිරි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved