27 April 2024
#දේශීය

ගෝඨා – මහින්ද සුසංයෝගය වැලැක්විය නොහැක – කුමාරසිරි කියයි

ජනතාව බලාපොරොත්තු වූ නව දේශපාලන සංස්කෘතිය ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් බිහිවීම වැළැක්විය නොහැකි බව අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පවසයි.

හෙට්ටිගේ මහතා මේ බව පැවසුවේ දෙනියාය -ඉහළගම ප්‍රදේශයේ පැවැති සුහද හමුවකට එක් වෙමිනි.

කුමාරසිරි හෙට්ටිගේ මහතා එහිදී මෙසේ අදහස් පල කළේය ” ජනාධිපතිවරණයෙන් පසු ජනතාවට නව ආශ්වාදයක් ලැබුණා .රට විනාශයෙන් ගොඩ ගන්න දැන් මාවත ගොඩ නැගිලා.ඒ සඳහා කාලයක් අවශ්‍යයි .ඒ බව බුද්ධිමත් ජනතාව තේරුම් ගෙන තිබෙනවා .ජනතා ප්‍රසාදය ඇති වන තීරණ රැසක් දැනටමත් ආණ්ඩුව අරන් තිබෙනවා .ඒ තුළින් නව පිබිදීමක් ඇති වේවි. දේශපාලනය ගැන ජනතාව දැන් වෙනස් විදියට හිතන්න පටන් අරන් .ජනතාවගේ නියෝජිතයන් පරාර්ථකාමී විය යුතුයි .පරාර්ථකාමී හැඟීම් හිටි ගමන් මතු වන්නේ නෑ.

ජනතා නියෝජිතයන් රටට ජනතාවට සැබෑ ලෙස ආදරය කරන්න ඕනෑ .රටට ජනතාවට වැඩ කිරීමෙන් සතුට ලං කර ගන්න හැම දෙනාම කටයුතු කරනවා නම් එය හරි සුන්දරයි . එහෙම සිතා වැඩ කරන්නේ ටික දෙනයි .රට නිසි තැනට ගෙනයන්න පුරවැසියන් ක්‍රියා කළ යුතුයි. සමහර ජනතා නියෝජිතයන්ට මන්ත්‍රී තුමා කියන්න හිත් කියන්නේ නෑ කියා ජනතාව කියනවා .ඒ තත්වය අනාගතයේ ඇති විය යුතු නෑ .

යහපත් සිතුවිලි වලින් පොහොසත් මිනිසුන් මිස ,ධනය බලය හා රූප කාය වෙනුවෙන් ඡන්දය දීමෙන් රටට සෙතක් සිදු වන්නේ නෑ .එවැනි මිනුම් දඩු අනුව තෝරා පත් කර ගත් ඇතැම් ජනතා නියෝජිතයන් නිසා දේශපාලන ක්ෂේත්‍රය මඩ වගුරක් වෙලා .මෙය පිරිසිදු කර ගැනීමේ වග කීම පුර වැසියන්ට මෙන් ම දේශපාලන පක්‍ෂ නායකයන්ට පැවරෙනවා .ආර්ථිකය හා සදාචාරය පිරිහී ගිය රටක් ගොඩ ගන්න පහසු නෑ .

ගෝඨාභය – මහින්ද ආණ්ඩුවට බාර ගන්න ලැබී තිබෙන්නෙ එහෙම රටක් .අප හැම දෙනාම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවීමක් කරන්න වෙනවා .රැකියා ප්‍රශ්නය උග්‍රයි .යහපාලකයන් රජයේ ආයතන යළි ගොඩ ගන්න අමාරු තැනකට තල්ලු කරලා .මේ අභියෝග තේරුම් ගෙන ඉවසීමෙන් අප ඉදිරියට යා යුතු වෙනවා යැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

Leave a comment

Your email address will not be published. Required fields are marked *