ලබන වසරේ සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (ඔක්. 29) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
“2025 සිට රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමක් කරනවා. ඒ සහතිකය ඔබට දෙනවා. හැබෑයි කොයිතරම් ප්‍රමාණයකින් ද කියලා දැන්ම කියන්න අමාරුයි”
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරිමට තීරණය කර තිබුණේ, මහා භාණ්ඩාගාරයේ මුදල් තිබෙනවා ද යන්න සොයා නොබලා බව මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරට ත් සඳහන් කළේ ය.
“රජයේ සේවකයන්ට වැටුප් දෙන්න අපි පැකිලෙන්නේ නෑ. නමුත් භාණ්ඩාගාරයේ තියෙන මුදල් අනුව තමයි ඒ තීන්දුව ගත යුතුව තියෙන්නේ. වැටුප් වැඩි කරන්න හිටපු ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා විදිහට කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කරලා තීන්දුවක් අරන් තිබුණා. හැබැයි වැටුප් වැඩි කරන්න මුදල් අමාත්‍යාංශය සතුව මහා භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවා දකියලා හොයලා බැලුවේ නෑ.”