මෙරට මුස්ලිම් ජනතාව අද (31) දින රාමසාන් උත්සවය සමරනවා.
හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ ඊයේ (30) දර්ශනය වී තිබෙනවා.
කොළඹ මහපල්ලිය, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ හිලාල් අංශය හා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 1446 ෂව්වාල් මාසයේ පළමු දින මාර්තු 31 වනදා බවට ඒකමතිකව ප්‍රකාශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.