AI තාක්ෂණය භාවිතා කරමින් බස්රථවල ගමන් කරන මගීන් ගේ ආරක්ෂාව සඳහා නව තාක්ෂණික ක්‍රියාමාර්ගයක් ගන්නා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ කතරගම පැවති මාධ්‍ය හමුවක දී අහදස් දක්වමිනි.
මුල් අදියර යටතේ අදාළ තාක්ෂණික යන්ත්‍ර 40ක් බස්රථවල සවිකිරීමට නියමිත බවයි එහි දී පවසා සිටියේ.
“AI තාක්ෂණය භාවිත කරලා රියදුරන්ට විඩාව එනවා නම්, නිදිමතයි නම්, ඒ අයගේ ඇස් පියවෙනවා නම් සහ රියදුරු රැකියාව කරන අතරතුර නොකළ යුතු වෙනත් දේවල් කරනවා නම්, ඒවා පිළිබඳව AIවලින්ම රියදුරු මහත්තරුන්ට සිස්ටම් එකෙන් මතක් කරනවා.
ලංකාවේ මේ වගේ සමාගම් අවුරුදු ගානක් පුරා භාවිත කරලා තියෙනවා. නමුත් ලංකාවේ පොදු ප්‍රවාහනයට විශේෂයෙන්ම ලංගම සහ පෞද්ගලික බස්වල මිලියන ගණන් ජනතාව ගෙනියන ඒවට යෙදවිලා නෑ. ඒ නිසා අපි ඒ අය එක්ක කතා කරලාම ඒ අය කැමැත්තෙන් ඉදිරිපත් වුණා ඔවුන් සතු පරිපාලන දැනුම හා තාක්ෂණය හා උපකරණ ලබාදෙන්න. ඒ උපකරණ 40ක් ලබාදෙනවා බස් 40කට ලබාදෙනවා ලංගම සහ පෞද්ගලික දෙකටම”