මෙරට මාර්ග පද්ධතිය තුළ සිදුවූ වෙනම රිය අනතුරු දෙකකින් 16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරයි.
පළමු අනතුර වාර්තා වන්නේ බෝවත්ත-කුලියාපිටිය මාර්ගයේ කඩිගමුව ප්‍රදේශයෙනි. එහිදී ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව පෙරළී යාමෙන්, දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවෙකු මියගොස් තිබේ.
මේ අතර හක්මන-වල්ස්මුල්ල මාර්ගයේ බටුපෙළ හන්දිය අසලදී සිදුවූ තවත් අනතුරකින් හක්මන මහගෙදරවත්ත පදිංචි 16 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහු ගමන් ගත් යතුරුපැදිය කැබ් රථයක සහ මෝටර් රථයක ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
මෙම තරුණ ජීවිත අහිමිවීම් ද සමඟින් ගතවූ දින 25 තුළ මෙරට මාර්ග අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 155 දක්වා ඉහළ ගොස් ඇත.













