රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද (01) සමත් විය. පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 5යි ග්‍රෑම් 105ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බෙන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ත් 45ත් අතර පසුවන්නන් බව හඳුනාගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය ජාලය පිටුපස සිටින ප්‍රධාන මෙහෙයුම්කරුවන් සහ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ආ ආකාරය පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.














