අමෙරිකානු සම්බාධක හමුවේ දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින කියුබාව කිසිවිටෙකත් අත්නොහරින බව රුසියාව අවධාරණය කරයි. හවානා නුවර පැවති සාකච්ඡාවලින් අනතුරුව රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ජි රියාබ්කොව් (Sergei Ryabkov) අද (10) ප්‍රකාශ කළේ, කියුබාවේ බලශක්ති ගැටලු විසඳීම සඳහා මොස්කව් පාලනය දිගින් දිගටම සහාය ලබා දෙන බවයි.
අමෙරිකාව පනවා ඇති “නීති විරෝධී” අවහිර කිරීම් හමුවේ කියුබාව පාවා දීමක් හෝ තනි කිරීමක් කිසිසේත් සිදු නොකරන බව ඔහු මෙහිදී පැවසීය. පසුගිය මාසයේදී රුසියාව විසින් කියුබාව වෙත විශාල තෙල් නෞකාවක් (Anatoly Kolodkin) එවා තිබූ අතර, ඉදිරියේදී එම සැපයුම් තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. බටහිර අර්ධගෝලය තුළ පවතින රුසියානු අවශ්‍යතා අත්හැරීමට තමන්ට කිසිදු අදහසක් නොමැති බවත්, පවතින දුෂ්කර ගැටලු සඳහා විසඳුම් සෙවීමට රුසියාව සහ කියුබාව එක්ව කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














