රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ ගැඹුරු හිම පතනයක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පෙර නොවූ විරූ හිම කුණාටුවක් සමඟ, අඩි 7 කට වඩා හිම වැටී තිබෙනවා.
දින කිහිපයක් තුළ මාස කිහිපයක හිම පතනයක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
වසර 60 කට පසු ඇති වූ විශාලතම හිම පතනය මෙය බවද පැවසෙනවා.
රුසියාවේ ජාතික කාලගුණ දෙපාර්තමේන්තුවට අනුව, මොස්කව් ප්‍රදේශයට බලපෑ දරුණුතම කුණාටුව සඳහා රුසියාවේ වසර 146 ක් පැරණි වාර්තාවක් ද බිඳ වැටී තිබෙනවා.
ගැඹුරු හිමෙන් මුළු ප්‍රදේශම වැසී ඇති ආකාරය දැකගන්නට ලැබෙනවා.
කලාපයේ පාසල් වසා දමා ඇති බවයි පැවසෙන්නේ.
මෙය මෝටර් රථ වළලා දැමූ මීටර් කිහිපයක් උස විශාල හිම පතනයක්.
මේ හේතුවෙන් පොදු ප්‍රවාහනය අත්හිටුවා තිබෙනවා.
ගොඩනැගිලි පිවිසුම් අවහිර ව ඇති බවද පැවසෙනවා.
පැවති දැඩි සුළං තත්වයක් හේතුවෙන් මෝටර් රථ සහ නිවාසවලට හානි සිදුව ඇති බවද වාර්තා වනවා.
හිම පතනය නිසා පුද්ගල මරණ දෙකක්ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.














