රුසියා – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාවේ මැදිහත්වීමෙන් පැවැත්වූ දෙවැනි වටයේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී ඊයේ සාර්ථකව අවසන් විය. මෙහිදී දෙපාර්ශ්වය අතර මහා පරිමාණ සිරකරු හුවමාරුවක් සම්බන්ධයෙන් එකඟතාවක් ඇති වී තිබීම විශේෂත්වයකි.
සටන්විරාමයක් ඇති කර ගැනීම සහ භූමිය බෙදාගැනීම වැනි සංකීර්ණ කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇති අතර, තම ජාතික අභිමානය ආරක්ෂා කර ගනිමින් දිගුකාලීන සාමයක් උදෙසා කැපවන බව යුක්‍රේන නියෝජිතයෝ පවසති. රුසියානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත කිරිල් දිමිත්‍රෙෆ් සඳහන් කළේ සාකච්ඡා වටය ඉතා ධනාත්මක මට්ටමක පවතින බවයි.
සාකච්ඡාවල නිල ප්‍රගතිය මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති වුවද, අමෙරිකාව සහ එමීර් රාජ්‍යය ලබා දෙන මැදිහත්කාරී දායකත්වය දෙපාර්ශ්වයේම ඇගයීමට ලක්ව ඇත. මෙම සාකච්ඡා මාලාවේ පළමු වටය පසුගිය ජනවාරි 23 සහ 24 යන දිනවලදී පැවැත්විණි.













