• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රු. කෝටි ගණනක මුදල් හේතුවෙන් කතරගම දේවාලයේ කපු පරපුරු දෙකක් අතර ගැටුමක්

2 July 2024
in පුවත්
රු. කෝටි ගණනක මුදල් හේතුවෙන් කතරගම දේවාලයේ කපු පරපුරු දෙකක් අතර ගැටුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කතරගම ඇසළ මංගල්‍යය ආරම්භ වීමත් සමග පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ කපු පරපුර දෙකක් අතර දේවාලයේදී පෙරේදා (30 වැනිදා) පස්වරුවේ ගැටුමක් ඇති වී  ඇත.

දේවාලයේ තේවාව භාර රත්නායක කපු පරපුර හා ආරාපක්ෂ කපු පරපුර අතර මෙම ගැටුම ඇති වී තිබේ. මෙම මාසය බාර කපු මහතකු වන ගයාන් ආරාපක්ෂ පහරදුන් බව පවසා රත්නායක කපු පරපුරේ උපුල් රත්නායක යන අය ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් වී තිබේ.

තවද මෙම පහරදීම සම්බන්ධයෙන් කතරගම පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කරන ලදී. මේ සම්බන්ධව කතරගම පොලිසිය මගින් ගයාන් අරාපක්ෂ නමැති කපුවා ඊයේ (01 වැනිදා) පොලිසියට කැඳවා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැර    ඇත.

පෙරහර සමයේ මෙම පරම්පරා දෙක අතර ගැටුම පවතින බවත්, පෙරහර සමයේ පූජා වට්ටිවලට එකතුවන රුපියල් කෝටි හය හතක මුදල වෙනුවෙන් මෙම ගැටුම පවතින බවත් හෙළි වී ඇත.

පූජා වට්ටියේ සම්පූර්ණ ආදායම කපු මහත්වරු ගන්නවා. ඒ මුදල බෙදා ගන්න බැරිවුණාම පෙරහර සමයේ එක එක ගැටුම් හට ගන්නා බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතා පවසයි.

කතරගම දේවාලයේ යතුර බස්නායක නිලමේ බාරයේ මෙච්චර කාලයක් තිබුණු බවත් ,බස්නායක නිලමේ මාස ගණන බෙදා දුන් බවත් තමාට  පෙර සිටි බස්නායක නිලමේගෙන් කපු මහත්තුරු යතුරු උදුරා ගත් බවද පවසයි.

පසුව ඔහුට පහර දී නිලමේකමින් එලවා තමාගේ  කාලයේත් යතුරු උදුරාගත් බවද ඔහු පවසාඇත.එම නිසා ඔහු ගැටුමකට යන්නේ නැතිව උසාවි ගොස් දැනට නඩු  උසාවියේ යන බවත්. එතකම් ඒ අය ඕනෑ විදියට රාජකාරි බෙදා ගන්නා බවත් ඔහු පැවසීය. ඒ නිසා ඒ අය අතර ගැටුම් ඇති වූ බවත් පෙරහර කාලේ කෝටි හය හතක ආදායම බෙදා ගැනීමට මෙලෙස ගැටුම් ඇතිවන බව ඔහු කියා සිට ඇත. ගැටුම් ඇතිකරගැනීමට මුදල් ලබා දීම පිළිබඳ බැතිමතුන් තීරණය කළයුත්තක්  නිලමේ ඩිෂාන් ගුණසේකර වැඩිදුරටත් පැවැසීය.

‘‘පවුල් තුනකට කෝටි ගණන් වටිනා රන්, රිදී, මුදල් පූජාවට්ටියේ තබා නොදී මෙම මුදල පිළිකා රෝහලට හෝ ඉගෙන ගන්නා දිළිඳු දරුවන් වෙනුවෙන් පූජාකරන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව මෙම කපුවන්ගේ දූෂණයට එරෙහි රජයේ නිලධාරීහු පවසයි.

‘පසුගිය වතාවේ කපු පවුල් කිරි වෙහෙරේ නායක හාමුදුරුවන්ටත් ගැහුවා. මේ පාර පෙරහර පටන් ගන්නත් කලින් කුලප්පු වෙලා ගහගන්නවා.’’ යැයි එම නිලධාරීහු පෙන්වා දුන්හ. රුහුණු මහා කතරගම දේවාලයේ තේවා කටයුතු රත්නායක පරපුර, ආරාපක්ෂ පරපුර, මුණසිංහ පරපුර යන පරම්පරා තුන කටයුතු කරන අතර ඇසළ මංගල්‍යයේදී තේවාව ගැනීම සඳහා වසර ගණනක පටන් මෙම පරපුරවල් අතර ගැටුම් පැවතුණ බව අනාවරණ වේ. මෙම ගැටුම් හේතුවෙන් මෙවර පෙරහර කාලයේ පොලිසියේ සහයට ශ්‍රී ලංකා යුද හමුදාවද කැඳවීමට බස්නායක නිලමේවරයා තීරණය කර ඇත.

කවීෂා ගුරුසිංහ

Post Views: 8
Previous Post

සම්බන්ධනගේ අභාවය නිසා පාර්ලිමේන්තු කටයුතු වල වෙනසක්

Next Post

ඖෂධ වලට උපරිම සිල්ලර මිලක්?

Editor TTV News

Editor TTV News

Next Post
ඖෂධ වලට උපරිම සිල්ලර මිලක්?

ඖෂධ වලට උපරිම සිල්ලර මිලක්?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved