ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති දැවැන්ත පසුබෑමෙන් මුදවාගෙන එය යළිත් ගෞරවනීය මාවතකට ඔසවා තැබීම සඳහා හිටපු ප්‍රවීණ ක්‍රීඩකයින් රැසක් එක්ව රොෂාන් මහනාම මහතාගේ නාමය යෝජනා කර තිබේ. මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ අරවින්ද ද සිල්වා ඇතුළු මෙරට බිහි වූ අසහාය ක්‍රීඩකයින් රැසක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කර ඇත්තේ ක්‍රිකට් සභාපති ධුරය සඳහා දැනට සිටින සුදුසුම පුද්ගලයා රොෂාන් මහනාම මහතා බවයි.
චමින්ද වාස් සහ හෂාන් තිලකරත්න යන මහත්වරුන් ඔහු සතු අව්‍යාජත්වය සහ විනයගරුක බව අගය කර ඇති අතර, කුමාර් ධර්මසේන සහ මාවන් අතපත්තු වැනි ප්‍රවීණයන් ද පෙන්වා දෙන්නේ මේ සඳහා ඔහු හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ජීවගුණය දන්නා, අත්දැකීම් බහුල පරිපාලකයෙකු වන රොෂාන් මහනාම මහතා වැනි යුග පුරුෂයෙකු කඩිනමින් පාලන තන්ත්‍රයට සම්බන්ධ කර ගැනීම ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් පවතින කාලීන අවශ්‍යතාවක් බව ක්‍රීඩා විචාරකයෝ ද පෙන්වා දෙති.














